ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82වැනි ව්‍යවස්ථාවේ “අ” ඡේදයේ සඳහන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ස අවුරුද්දක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 5ක් ඉක්මවා යන්න ආදේශ කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ කෙටුම්පතට නීතිපතිවරයාගේ නිශ්කාෂණ ලැබී ඇති බැවින් එය ගැසට් පත්‍රයේ පල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය සතියේ ගත් කැබිනට් මණ්ලය තීරණයකට අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා විසින් ඊයේ (15) සවස පැවති කැබිනට් මණඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 ඉක්මවන්නේ නම් ජන මත විචාරණයක් පැවැත්වීම සඳහා ඇති ප්‍රතිපාදනය වසර 05ක් ඉක්මවන්නේ නම් යනුවෙන් සංශෝධනය කිරීමය.
මේ සිදුවන්නේ මැතිවරණය කල් දමා ගැනීමේ තවත් උපක්‍රමයක් දැයි අද කැබිනට් රැස්වීමේ දී මාධ්‍යවේදියෙක් විමසූ විට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේ ඒ ප්‍රශ්නය ඇසූ කෙනාගේ සිතිවිලි පිළිබඳ ප්‍රශ්නයක් බැවින් තමන්ට ඊට පිළිතුරු දිය නොහැකි බවය.
කෙසේ වෙතත් මේ හරහා ආණ්ඩුව සිදුකරන්නට උත්සාහ කරන ව්‍යාපෘතිය සම්බන්ධව සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.







