ලලිත් චාමින්ද –
-
අවුරුදු පහට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10323ක්.
-
වයස අවුරුදු පහට අඩු දරුවන් 25269 දෙනෙකු මන්දපෝෂණයෙන්…
-
වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133538ක්… වයසට සරිලන ලෙස බර අඩුදරුවන් 215386ක්
මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10323 දෙනෙකු උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙලෙන බැව් පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාලව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.
උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙලන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994කි.
උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙලෙන දරුවන් 930 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, 629 අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, නුවර දිස්ත්‍රික්කයෙන් 622 නෙකුද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 619 දෙනෙකු වාර්තා වි ඇති බැව් පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් නිකුත්කොට වාර්තාවේ සඳහන් වේ.
මෙම වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25269 දෙනෙකු පෝෂණ ඌනතාවයෙන් , පෙළන බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
පෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2550 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති අතර කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති ළමුන් සංඛ්‍යාව 2245කි. මහනුවරු දිස්ත්‍රික්කයෙන් ළමුන් 1578 දෙනෙකු , අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමුන් 1340 දෙනෙකු වාර්තා වි ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලන ලෙස බර අඩුදරුවන් 215386 දෙනෙකු, වාර්තා වී ඇති අතර මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණැගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 17701කි. වයසට සරිලන බර අඩු දරුවන් අතර 15994, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද,මහනුවර දිස්ත්‍රික්කයෙන් 15376 දෙනෙකු ද වාර්තා වි ඇත.
එමෙන්ම මෙරට අවුරුදු 05ට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133538 දෙනෙකු වාර්තා වි ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ළමුන් සංඛ්‍යාව 11,677කි.
වයසට සරිලන උස අඩුදරුවන් 10177 දෙනෙකු කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි අතර නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ළමුන් සංඛ්‍යාව 10093 දෙනෙකි.
එමෙන්ම අවුරුදු පහට අඩු අධිබර දරුවන් 6223 දෙනෙකු වාර්තා වි ඇත.







