සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවතාර පන්නන්න ගොස් මිනිසුන් අවතාර කළ හැලෝවීන් උත්සවය!

by editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ සියොල් හි පටු මාවතක හැලෝවීන් සාදයක් පවත්වමින් තිබිණි. විවිධ ආකාරයෙන් අවතාර හොල්මන් පෙන්වමින් හැලෝවීන් සාද ඇඳුම්වලින් හා මුහුණු ආවරණවලින් සැරසුණු තරුණ තරුණියන් සංගීතය හා මුසු වෙමින් විනෝද වෙමින් සිටියහ.

මාවතේ පසෙක තිබූ ‘ඉතොවොන් බාර්’ එකට හඳුනා නොගත් ජනප්‍රිය පුද්ගලයෙකු පැමිණි බවට ලැබුණු ආරංචියත් සමඟ බොහෝ දෙනෙකු කලබලයෙන් එදෙසට දිව ගියහ. ඒ වන විටත් එම ස්ථානයේ සිටිය හැකි සාමාන්‍ය සංඛ්‍යාවට වඩා දහගුණයක් පමණ පිරිසක් රැස්ව සිටියෙන් ඔවුන් එහාට මෙහාට යා ගත නොහැකිව එක් තැනක සිරවූහ.

“උත්සවය තිබ්බේ පටු මාවතක.. මිනිස්සු එහාට මෙහාට එක එක්කෙනා තල්ලු කළා.. මාත් සෙනඟ අතරේ හිරවෙලා හිටියේ.. ගොඩක් වෙලා යනකම් සෙනඟ අතරින් මිදෙන්න බැරිවුණා..” එම අවස්ථාට සහභාගී වූ 21 හැවිරිදි මූන් ජූ යුන්ග් පවසා තිබිණි.

එක්වරම ඇති වූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස් ඇති අතර අසූ දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තෙරපීම සිදු වූ සැණින් එම ස්ථානයටම වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වා අපහසුවට පත්ව සිටි පුද්ගලයින්ට වෛද්‍යාධාර ලබාදෙන්නට දකුණු කොරියානු පොලීසිය කටයුතු කළේය.

“මම මෙතෙන්ට එද්දී පුද්ගලයින් දෙන්නෙක් විතරයි හිටියේ කෘතිම ස්වසනය ලබා ගන්න.. ඒත් වැඩි වේලාවක් යන්න කලින් හිතාගන්න බැරි තරම් පිරිසක් ආවා වෛද්‍යාධාර ලබාගන්න.. එයාලා හැමෝම සුදුමැලි වෙලා හිටියේ.. වැඩිදෙනෙක්ගේ නාඩි, හුස්ම වැටෙනවවත් අපිට දැනුණේ නෑ.. සමහරුන්ගේ නාසයෙන් හා මුවෙන් රුධිරය පිටවුණා..”

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් තෙරපීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරයි

සිය අත්දැකීම විස්තර කළ වෛද්‍යරවයා සඳහන් කළේය.

මෙලෙස මිය ගිය හා තුවාල ලැබූවන් වැඩි දෙනෙකු අවුරුදු විසි ගණන්වල පසුවෙන්නන් වන අතර සිදුවීමෙන් පසු පුද්ගලයින් 355ක් අතුරුදහන්ව ඇති බවට ද වාර්තා වී ඇතැයි   පොලීසිය සඳහන් කර තිබේ.

සෑම වසරකම ඔක්තොම්බර් 31 වැනිදා හැලෝවීන් සැමරෙන අතර යක්ෂයින්ගේ ස්වභාවය පෙන්වන ඇඟලුම්වලින් සැරසී ගිනිමැල දල්වමින් අවතාර දුරු කිරීම යුරෝපීය රටවල සිරිතකි. දකුණු කොරියාවේ ද ගෙවුනු සතියේදී විවිධ ස්ථානවල හැලෝවීන් සැමරුම් පැවැත්විණි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසර තුනක් පුරාවට සියලු විනෝද අවස්ථා වැළකී තිබුණෙන් මෙවර පැවැත්වුණු හැලොවීන් උත්සවවලට විශාල සංඛ්‍යාවක් සහභාගීව තිබේ.

සැබැවින්ම හැලෝවීන් යන වදන නිර්මාණය වී ඇත්තේ ‘ඕල් හැලෝව්ස් ඊව්’ යන වදන බිඳී යෑමෙනි. තුන්වන ග්‍රෙගරි පාප්වහන්සේ විසින් නොවැම්බර් 1 වෙනිදා සියලු ශාන්තුවරයන්ගේ දිනය ලෙස නම් කළ අතර ඊට පෙර දින එනම් ඔක්තොම්බර් 31 වැනිදා සැන්දෑවේ අවතාර පළවා හැරීම සදහා හැලෝවීන් උත්සවය පැවැත්වේ.

අනතුර සිදුවූ ස්ථානය…

සැබැවින්ම හැලෝවීන් වල ඉතිහාසය, ඓතිහාසික සෙලෙට්වරුන්ගේ ‘සෝව් ඉන්’ (Samhain) උත්සවය දක්වා දිව යයි. මීට වසර 2000කට පමණ ඉහතදී මේ වන විට අයර්ලන්තය, එක්සත් රාජධානිය හා උතුරු ප්‍රංශය ලෙස හැඳින්වෙන ප්‍රදේශ අවට ‘සෙලෙට්ස්වරුන්’ ජීවත්ව ඇති අතර එම රටවල් සිය අලුත් අවුරුද්ද සමරන්නේ නොවැම්බර් 1 වැනිදාය.

මෙදින ගිම්හානය හා ඵල නෙලීම අවසන්ව සීතල, අඳුරු ශීත කාලයේ ආරම්භය සටහන් කරයි. ඒම කාලයේදී මරණ ද රැසක් සිදු වේ. සෙලෙට්ස්වරුන් විශ්වාස කරන අන්දමට අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රියේ දී මිය ගොස් ඇති අවතාර යළි උපත ලබයි. එම නිසා ඔක්තොම්බර් 31 වැනිදා ඔවුන් ‘සෝව් ඉන්’ සමරනු ලබයි. මරණයෙන් යලි පොළවට පැමිණෙන අවතාර පන්නා දැමීම එහි අරමුණයි.

වර්තමානයේ හැලෝවීන් යනු විනෝදාත්මක උත්සවයකි. යුරෝපීය රටවල ආගමික උත්සවයක් ලෙසින් සැමරුවත් ලංකාවේද මේ වන විට හැලෝවීන් උත්සව පවත්වයි. එහි ඇත්තේ අවතාර පන්නා දැමීමේ අරමුණක් නොව වාණිජ අරමුණකි.

දකුණු කොරියාවේ ද සැබැවින්ම හැලෝවීන් දිනයට මත්තෙන් මෙලෙසින් පවත්වන්නට ඇත්තේ හුදෙක් විනෝදාත්මක උත්සවයක් පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාලේ අයාලේ ගිය මදාවින් අතර සිටියේ අමරවීරගේ අක්කගෙ පුතෙක්!… ඔහු ඇප පිට නිදහස්…

Next Post

මිනීමරුවෙකුගේ වෙඩි පහරට ලක්ව යක්කලමුල්ලේ කුරුඳුවාඩියක  මිය ගිය දරුපැටියා ගැන දරුවාගේ  සීයා කියන කතාව!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.