අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාලේ අයාලේ ගිය මදාවින් අතර සිටියේ අමරවීරගේ අක්කගෙ පුතෙක්!… ඔහු ඇප පිට නිදහස්…

by editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යාලේ අයාලේ ගිය මදාවින්යන් අතර සිටි මහින්ද අමරවීරගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලක්ෂ පහක ශරීර  ඇප මත නිදහස් කර තිබේ.

පසුගිය 22 දා සිකුරාදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනෝද්‍යානයේ නීති රීති මෙන්ම රටේ පොදු නෛතික රාමුව බිඳ හෙළා වන සතුන්ට හානි වන පරිදි සිය ඕෆ් රෝඩ් වාහන ධාවනය කිරීම සම්බන්ධ  සිද්ධිය රටේ බලවත් ආන්දෝලනයට ලක් වූ අතර එම පිරිස අතර කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුතෙක් සිටි බව ප්‍රකාශ විය.

එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කළේ සිය පුතා අදාල දිනයේ දී නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි බවත් ඔහු ගාල්ලටවත් පැමිණ නැති බවත්ය.

ඇමතිවරයෙකුගේ පුතෙක් සම්බන්ධව දිගින් දිගටම වාර්තා පලවුවත් එව සනාථ කළ හැකි   කිසිදු තොරතුරක් ඉදිරිපත් වී තිබුනේ නැත.  මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා ද මැදිහත් වී අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස නියෝග කළේය.

ඒ අනුව  යාල වනෝද්‍යාන ප්‍රවේශයේ සවිකර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් එම කැබ් රථවල අංක තහඩු ඔස්සේ කළ පරීක්ෂණ පුළුල් ලෙස දියත් විය.  මුලින්ම  සැකකරුවන් නව දෙනෙක් හඳුනාගෙන  අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම වඩාත් පුලුල්ව සිදුකරද්දී  සමාජ මාධ්‍ය ඇමති පුතෙක් යැයි කී තරුණයා හඳුනා ගත හැකි විය. ඔහු මහින්ද අමරවීරගේ වැඩිමහල් සොයුරියගේ පුතාය.  ඒ අනුව වනජීවී නිලධාරීන් මේ තරුණයා සම්බන්ධව ඇමතිවරයා වෙත දන්වා තිබිණි.

ඇමතිවරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී මේ තරුණයා වනජීවී නිලධාරීන් වෙත යොමු කළ බව වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය කීවේය.

ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඔහු තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි. මහේස්ත්‍රාත්වරයා ඔහුව ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස්  කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුධිරය ඇසුරුම් මිලදී ගන්න ණයවර ලිපි නිකුත් කර නෑ…  ලේ නැතිව මැරෙන්න වැටෙන රටේ  රුධිර පාරවිලයනයේ කතාව… 

Next Post

අවතාර පන්නන්න ගොස් මිනිසුන් අවතාර කළ හැලෝවීන් උත්සවය!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.