ශ්‍රියානි විජේසිංහ –
රුධිරය එකතු කරන ත්‍රිපල් ශල්‍ය ඇසුරුම් මිලදී ගැනීමට ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ඉදිරි මාසය තුළ දැඩි රුධිර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ත්‍රිපල් ශල්‍ය ඇසුරුම් නොමැති වීම හේතුවෙන් රුධිරය එක්රැස් කිරීමට නොහැකි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
රතු රුධිරානු ඇසුරුම් 1400ක් පමණ දිනකට දිවයින පුරා රෝහල්වෙත බෙදා හරින නමුත් මෙම ඇසුරුම් නොමැති වීමෙන් රුධිරය බෙදා හැරීම මුළුමනින්ම අඩපණ වීමේ අවදානමක් මතුවිය හැකි බව හෙතෙම කීවේය.
මේ අනුව රුධිරය අවශ්‍ය රෝගීන්ට රුධිරය ලබා දීමට නොහැකි තත්තවක් ඉදිරියේදී මතුවිය හැකි බව ද ඔහු පැවසුවේය.