ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කරද්දී ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිටිය දී රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත වගවීමක් මත නිදහස් කළ හොර පාස්පෝට් චීනා අද (8) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන් දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් රටින් පිටුවහල් කළේය.
ගිනි රාජ්‍යයේ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සහිව ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කරද්දී අත් අඩංගුවට ගෙන එදිනම රටින් පිටුවහල් කිරීමට සැරසුන මෙම චීන ජාතිකයා නිදහස් කරගැනීමට අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා මැදිහත් වන්නේ මෙම පුද්ගලයා තමන්ගේ නිවාස ව්‍යාපෘතියක ආයෝජකයෙක් බව ආගමන විගමන පාලකට ලිඛිතව දන්වමිනි.

මෙම චීන ජාතිකයා වහාම රටින් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දී පවසා තිබුනේ කවුරුන් කුමක් කිරීමට උපදෙස් දුන්න ද ආගමන විගමන පාලකවරයා රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.







