අද (09) අලුයම කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් ඇතුළු බස් රථයේ ගමන්ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලැබ රෝහල්ගත කර ඇත.
තුවාලකරුවන් නවගමුව සහ හෝමාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත
කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.