විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී ඊයේ (08) පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය සොයාගෙන තිබේ.
119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී සොයා ගත් මිය ගිය දරුවා අවුරුදු 5යි මාස 6ක් පමණ වයසැති මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
දරුවා වැඩී ඇත්තේ ආච්චී සහ සීයා සමග බවත්, මිය ගිය දරුවාගේ පියා පවුලෙන් වෙන් වී ජීවත්වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා නිවසින් බැහැරවන බවත් අනාවරණය වී තිබේ.
පොලිසිය පවසන්නේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ස්ථානීය පරීක්ෂණය මේ වනවිට සිදුකර අවසන් බවය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ.