සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි එක හමාරකට මිලදී ගත් ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ද වනිඳු හසරංගගේ වම් පාදයේ ඇති වී තිබෙන නිදන්ගත විලුඹේ වේදනාවක් හේතුවෙන් ඔහුට මෙවර IPL අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වතෙ නිල වශයෙන් දැනුම් දී තිබේ.
හසරංග අවසන් වරට මාර්තු මාසයේදී බංග්ලාදේශයේ පැවති ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි 20 තරඟාවලිය අතරතුර ද විශේෂ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වී තිබිණි. ඔහු විදේශයන්හි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සූදානම්ව සිටියේය. කෙසේ වෙතත් ඔහුට IPL සහභාගීත්වය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් අවසර ලබා දුන්නේ නැත.
සන්රයිසස් පුහුණුකරු ඩැනියෙල් විටෝරි ඩුබායිහිදී කළ උපදේශනයකින් අනතුරුව හසරංගගේ ඉවත්වීම තහවුරු තහවුරු කර තිබිණි.
ජූනි 1 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා විස්සයි20 ලෝක කුසලාන ව්‍යාපාරය සඳහා ඔහු සුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.







