වැලිවේරිය දකුණ අඹරළුව ශ්‍රී නාග පිරිවෙන් විහාරස්ථ සිරි චන්දවිමල දහම් පාසලේ වාර්ෂික නිල ලාංඡන පැළඳවීමේ මහෝස්ත්සවය විහාරස්ථ ප්‍රධාන ශාලාවේ දී හෙට ( 07) පෙරවරුවේ පැවැත්වේ.
ප්‍රදේශයේ පැරණිම දහම් පාසලක්වන මෙම දහම් පාසලේ දුවා දරුවන් 375ක් පමණ දහම් අධ්‍යාපනය ලබති. ඉන් සුදුසුකම් ලත් සිසු දරුවන් 70ක් පමණ හෙට නිල ලාංඡන පැළඳීමට නියමිතය.
පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, කණිෂ්ඨ, ජ්‍යේෂඨ ආදී වශයෙන් ශිෂය නායක නායිකාවන් නිල ලාංඡන පැළඳීමට නියමිත අතර පන්ති නායක නායිකාවන් සඳහා ද මෙවර නිල ලාංඡන ලබා දීමට නියමිතය.
ගුරු අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පි නීතිඥ ලක්ෂ්මන් කුලතුංග ගේ විශේෂ දේශනයකින් මෙම අවස්ථාව විශේෂ කෙරනු ඇති බව උත්සව සංවිධායකවරු පවසති.
දහම් පාසල් දරුවන් ගේ විශේෂාංග ද මෙම අවස්ථාව වර්ණවත් කරනු ඇති බව ඔවුහු පවසති
දෙමව්පියන්, ආචාර්ය මණ්ඩලය, දහම් පාසල් සංවර්ධන මණ්ඩලය, එක්වී වාර්ෂිකව මෙම උත්සව කටයුත්ත දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය නිවන්දම නිග්‍රෝධ පරිවේණාධිපති ශ්‍රස්ත්‍රවේදී හුරීකඩුවේ විමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව සංවිධානය වේ.







