සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ක්‍රිකට් අලුත් කළ මොණරාගල “බට්ටී…”  

19න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ 14 හැවිරිදි පුංචි කෙල්ලගේ කතාව....

by editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

  • අම්මයි තාත්තයි කරන්නෙ කුලී වැඩ… කෙල්ලට ක්‍රිකට් ගස්සලා තියෙන්නේ ඉඩම් කඩම් විකුණලා… පුංචි තරුව මේ තරම් දුර ගමනක් ආවේ අහඹු සිද්ධියකින්…

අප්‍රේල් 03 වන දා අවසන් වූ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අප්‍රේල් 03 වන දා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

කෙසේ වෙතත්, තරග 6කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක් වර බැගින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් පෙරළියක්: පළමු වරට දකුණු

මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී ‘පුංචි’ ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ, තවමත් වයස අවුරුදු 14ක පසු වන මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.

තවමත් වයස අවුරුදු 14ක පසු වන චමුදි ප්‍රබෝධා අනාගතයේදී දක්ෂ ක්‍රීඩිකාවක වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීහු විශ්වාසය පළ කරති.

  • ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනූ චමුදි පැමිණි ‘දුෂ්කර ගමන්මග‘

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයකට ලක්වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩිකාව වයස අවුරුදු 14 වන විට 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට තරම් දක්ෂ මෙන් ම වාසනාවන්ත වූවා ය.

ඒ, දක්ෂතාව සහ වාසනාව පිටුපස ඇගේ දෙමාපියන් පවසන පරිදි ‘දුෂ්කර ගමනක කතාවක්’ තිබේ.

එම දුෂ්කර කතාව දැන ගැනීමට ඇගේ මව වන අනෝමා නිශාන්ති සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

ඇය පැවසූ පරිදි ඇය මෙන් ම චමුදිගේ පියා ද දෛනික කුලී වැඩවල නිරත වෙමින් එදිනෙදා ජීවිතය ගත කරන අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියක් ද, 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙක් ද ඔවුන්ට සිටිති.

කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරින් පිහිටි මොනරාගල සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නමැති ගම් ප්‍රදේශයේ ජීවත් වන චමුදි ප්‍රබෝධා ඉගෙනුම ලබන්නේ, මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ය.

ඇය තවමත් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, අධ්‍යාපන වැඩ කටයුතු ද සාර්ථකව කරගෙන යන බව මව පැවසීය.

“මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ,”

‘දුව කුඩා කාලෙ ඉඳල සෙල්ලම් කළේ ක්‍රිකට් විතරයි’

“මගේ අක්කාගේ පුතා එක්ක දුව හැම දා ම ක්‍රිකට් ගැහුවා. සෙල්ලමකට කියලා කළේ ක්‍රිකට් ගහන එක විතර යි. ඒ පුතා එක්ක ක්‍රිකට් ගහනකොට අපට තේරුණා දුවට ක්‍රිකට්වලට හැකියාවක් තියෙනවා කියලා. අපේ පවුලේ වෙන කෙනෙක් ක්‍රිකට් ගහලත් නෑ,” චමුදි ප්‍රබෝධාගේ මව සිය දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලපෑ මූලික හේතුව විස්තර කළේ, එලෙසිනි.

පසුව, චමුදි සමග එක්ව පවුලේ සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩා කළ බව මව පැවසුවා ය.

  • අහම්බෙන් ලැබුණු අවස්ථාව

චමුදි ප්‍රබෝධාට කෙටි කලක් තුළ 19න් පහළ කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ, අහම්බයකින් ලැබුණු අවස්ථාවකින් බව ඇගේ මව පැවසුවා ය.

“දුවගේ ඉස්කෝලෙ ක්‍රිකට් පුහුණුවීම්වලට පැති විකට්ටුවක් හැදුවා. ඒක විවෘත කරන දවසේ පන්දු යවන්න මගේ දුවටත් අවස්ථාව ලැබුණා. ඒක විවෘත කරන්න ආවෙ, පාසල් ක්‍රිකට් කැඳවුම්කාරිය විදිහට වැඩ කරන අප්සාරි තිලකරත්න මැඩම්. මගේ දුව පන්දු යවන හැටි දැකලා ඒ මැඩම් තමයි, දුවට මේ තරම් දුර ගමනක් යන්න අවස්ථාව සලසලා දුන්නේ. ඊට පස්සේ දුව ඉස්කෝලේ ක්‍රිකට් පුහුණු කරවපු සර් යටතේ පුහුණු වුණා. ඊට පස්සේ තවත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබුවා. අප්සාරි මැඩම්ගේ මැදිහත් වීමෙන් ඒ සර්ට මාසිකව මුදලක් පවා ලැබෙන්න සැලැස්සුවා. ඒ උපකාර නිසා තමයි දුවට මේ අවස්ථාව හිමි වුණේ,” චමුදිගේ මව පැවසීය.

ඒ අතරතුර, චමුදිගේ මුල් පුහුණුකරුවාට පාසලෙන් ඉවත් වීමට සිදු වූ බව ඇය ප්‍රකාශ කළා ය.

“දුවගේ පුහුණුකරු විදිහට වැඩ කරපු සර් හොඳ නෑ කියලා දෙමාපියන් කට්ටියක් එකතු වෙලා ඒ සර්ව අයින් කළා. ඒක මගේ දුවට ලොකු පාඩුවක්. දැන් දුව ඒ සර්ගෙන් පුහුණුව ලබන්න වෙන පිට්ටනියකට යනවා. ඒ නිසා මම දුව ඉස්කෝලෙන් අයින් කරන්න හිතාගෙන ඉන්නේ. දුවට තැන් දෙකකට යන්න අමාරු යි. ඒත් දුවව අස් කර ගන්නත් ඉඩ දෙන්නෙ නෑ.”

  • ‘මේ දුර දුවව ගෙනාවේ ඉඩම් පවා විකුණලා‘

චමුදි ප්‍රබෝධා වෙනුවෙන් දැරිය යුතු වියදම් සොයා ගැනීමට තමන් සතුව තිබූ ඉඩමක් ද විකිණීමට සිදුවූ බව ඇගේ මව පැවසුවා ය.

“අපි දැනට මේක අමාරුවෙන් කරගෙන යනවා. දුවගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන දේවල් අපි කරනවා. මේ දේවල් කරගෙන යන්න කාගෙන් හරි උපකාරයක් ලැබෙනවා නම් ලොකු සහනයක් අපිට. තාමත් දුව පාවිච්චි කරන්නේ ඉස්කෝලෙන් ලැබුණ ක්‍රිකට් බඩු ටික. අපි හිතාගෙන ඉන්නවා අලුත් බඩු ටිකක් අරන් දෙන්න. ඇත්තට ම පාසල, අප්සාරි මැඩම් ඇතුළු ගොඩක් අයගේ උපකාර නිසා තමයි මගේ දුව මෙතනට ආවෙ. ඒ ගැන සියලු දෙනාට ස්තුති කරන්න කැමතියි.”

“දුව හොඳට ඉගෙනීමේ කටයුතුත් කරගෙන ගියා. පහුගිය අවුරුද්දේ නම් එයාට පාඩම් වැඩ ටිකක් මග ඇරුණා. ඒත් එයා කැමතියි ඉගෙන ගන්නත්. එයාට ඉගෙනීමත්, ක්‍රීඩාවත් දෙක ම සාර්ථකව කරගෙන යන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා. දුවගේ අදහස කාන්තා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක තමයි,” චමුදිගේ මව අපේක්ෂාසහගත ස්වරයකින් පැවසීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විනාඩි තිහක දුරකථන ඇමතුම අතරතුර ඇමරිකාව, ඊශ්‍රායලය ට කල අනතුරු ඇඟවීම….

Next Post

සිරි චන්දවිමල දහම් පාසලේ වාර්ෂික නිල ලාංඡන පැළඳවීමේ  උත්සවය හෙට….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.