සහන පොලී පදනමක් මත ජපන් ආධාර ලෙස ලබා දුන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අපේ පාලකයින් විසින් නවත්වා දමද්දී ජපන් ආධාර මතම බංගලාදේශයේ සිය ජනාකීර්ණ ඩකා නගරයේ ජපන් ආධාර මත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක පළමු අදියරේ වැඩ නිමා කර ක්‍රියාත්මක තත්ත්වයට පත් කළේය.
කිලෝමීටර් 20ක් දිගකින් යුතු (සැතපුම් 12.427) මෙම නාගරික දුම්රිය ව්‍යාපෘතියේ කොටසක් අගමැති ෂීක් හසීනා විසින් අද විවෘත කළාය.
මෙම මාර්ගය ඩකා හි උතුරු කලාපයත් දැනට මැද පිහිටි රජයේ කාර්යාල සහ රෝහල්වල කේන්ද්‍රස්ථානයත් සම්බන්ධ කරයි.
අවසානයේදී එය නගරය හරහා දකුණේ Motijheel මූල්‍ය දිස්ත්‍රික්කය දක්වා දිවෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය ඩකා හි මිනිසුන් ගමන් කරන ආකාරය කෙරෙහි සැලකිය යුතු වෙනස්කම් ගෙන ඒමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි සමාරම්භය හසීනාගේ රජයට ඉතා අවශ්‍ය දේශපාලන වාසියක් ද ලබා දෙනු ඇති බවටත් විශ්වාසය පලවේ.
උස් මගක දිවෙන දුම්රිය ජාලය දශකයකට ආසන්න කාලයක් සංවර්ධනය වෙමින් පවතින අතර 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් දක්වා වර්ධනය වීමට නියමිතය.








