මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි අද (29) පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මාලේ සිට සාමාන්‍ය ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
නිවාඩුවක් සඳහා ශ්‍රි ලංකාවට ඔහු පැමිණෙන්නේ මාලදිවයිනේ ආර්ථිකය මේ වසරේ පූර්ව වසංගත මට්ටමට සාර්ථකව ප්‍රකෘතිමත් වී ඇති බව පැවසීමෙන් දිනකට පසුවය.
මාලදිවයිනේ ආර්ථිකය මේ වසරේ සියයට 12.3 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ආර්ථික වර්ධනය 2023 දී සියයට 7.6 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.







