ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ජාතියම පහළට හෙලූ බවත් මේ සියලු වගකීම පිතිකරුවන් විසින් භාර ගන්නා බවත් පැවසූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සහ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් සමස්ථ ජාතියෙන්ම සමාව ගන්නා බව පැවසුවේය.
කණ්ඩායමක් ලෙස තමන් සියලු දෙනාම ඉන්නේ බරපතල පසු තැවීමක බව කී මැතිව්ස් ක්‍රීඩකයන් වශයෙන් තමන් තමන්ටම සාධාරණයක් නොකළා සේම ජාතියක බලපොරොත්තු කඩ කළ බව පවසමින් නැවත වරක් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටියේය.
හෙට පැවැත්වෙන ශ්‍රි ලංකා නෙදර්ලන්ත තරගයට පෙර පැවති මාධ්‍ය හමුව මාධ්‍ය අමතමින් අද මැතිව්ස් මේ බව ප්‍රකාශ කළේය. ඔහු මෙසේ කීවේය.
“මම හිතන්නේ අපි මුලු ජාතියම පහතට හෙළුවා. අපි ඇත්තටම කණගාටු වෙනවා අපි අපවම පහතට හෙළා ගත් නිසා. අපි කවදාවත් මේක බලාපොරොත්තු වුනේ නෑ. මම කිව්වේ අපි අභියෝගලට ගොඩක් මුහුණ දුන්නා. නමුත් ඒවා කණගාටුවට ලක් විය යුතු කාරණා නොවෙයි. නමුත් අපි සුපිරි වටයට නොපැමිණීම අවාසනාවන්තයි.”
නෙදර්ලන්ත තරගය ජයග්‍රහණය කරමින් මෙරව ලෝක කුසලානය අවසන් කිරීමේ වැදගත්කම ද මැතිව්ස් පැවසුවේය.
“ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ නෑ අපට කිසිම කණඩායමක් සැහැල්ලුවට ගන්න පුලුවන් කියලා. නේපාලය දකුනු අප්‍රිකානු කණ්ඩායම සමග තරග කළ තියුණු ආකාරය අපි දැක්කා. එය ඉතාම වැදගත් දෙයයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය පැවැත්වීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා. නමුත් දැන් අපට තියෙන්නේ තරගාවලියේ තවත් එක් තරගයක් පමනයි. අපි අපගේ අභිමානය වෙනුවෙන් යාඥා කරනවා.”
ඔහු කීවේ තමන් තමන්ටම සාධාරණයක් කරගත්තේ නැති බවය.
“අපි පළමු තරග දෙකේදීම ක්‍රිඩා කළ ආකාරය ගැන බලනකොට අපි අපටම සාධාරණයක් කරලා නැහැ. එය ඉතාම අවාසනාවන්තයි. අප ඉන්නෙ බරපතල කම්පාවක. නමුත් හෙට තවත් දවසක්. අපි නෙදර්ලන්තයට එරෙහිව තරග කළ යුතුයි. ”
“නෙදර්ලන්තය ඉතාම භයානක කණ්ඩායමක් ඒ නිසා හොඳින් ක්‍රීඩා කරලා ඔවුන්ව පරාජය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරග ආකෘතිය තුළ කිසිම කණඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. මම කිව්වේ එවැනි කණ්ඩායම්වලට නැති වෙන්න දෙයක් නෑ, ඒ නිසාම ඔවුන්ව සැහැල්ලුවට ගන්න බෑ, විශේෂයෙන්ම අවසන් වසර කීපය තුළ මේ තරගාවලියේ පහළ කණ්ඩායම් ඉහළ කණ්ඩායම් පරාජය කළ අයුරු අප දැක්කා. ඇෆ්ගනිස්ථානය වගේ කණ්ඩායමක් ඉතාම හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් පසුගිය වසර කීපය තුළ කළා. ඔවුන්ට ඉන්නවා ඉතාම සමබර ඉතාම අත්දැකීම් සහිත කණ්ඩායමක්. ”
මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේය. “ඇන්ජි ඔබ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා. මෙවර ශ්‍රි ලංකා කණ්ඩායමට වැරදුනේ කොතැන ද?”
“අපි ඉතාම කණගාටු වෙනවා අපේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තු විනාශ වුනා. අපි අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපිට කණ්ඩයමක් විදිහට මෙතෙන්ට ආව කර්තව්‍ය ඉටු කරගන්න බැරි වුනා. පිතිකරවන් විදිහට පසුබෑමකට ලක් වුනා. පන්දු යවන්නන් හා පන්දු රකින්නන් ඒ ගහපු සුලු ලකුණු ගණන් පවා හොඳ තරගයක් ලබා දුන්නා. අවාසනාවන්ත ලෙස අපට එක තරගයක්වත් ජයග්‍රහණය කරන්න බැරිවුනා.”
“මේ වගේ තරගාවලියක එක් තරගයක් හෝ පරාජය වුවොත් මම හිතන්නේ ඉතාම අමාරුයි ඉදරියට එන්න. පළමු තරග දෙකෙන්ම පරාජය වුනාට පස්සේ අපට ඉදිරියට එන්න ඉතාම අමාරු වුනා. ඒ අතර අවාසනාවට වගේ නේපාල තරගයටත් වර්ෂාවෙන් බාධා ඇති වුනා. ”
ප්‍රේක්ෂකයින්ට මොකද කියන්නේ. ඔවුන් ඉන්නේ කළකිරීමෙන්?
“අනිවාර්යයෙන්ම. අපට ප්රේක්ෂකයො ලෝකයේ කොහෙ හිටියත් ඉතාම ආදරයෙන් සහයෝගය දෙනවා. මෙහෙ ඉන්න අයත් අපට පුලුවන් හැම විදිහටම සහයෝගය දෙනවා. ඔවුන්ට අපට කියන්න තියෙන්නේ සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරාජය වෙන්න උත්සාහ කරන්නේ නෑ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තරගයක් දිනන්න. ”
“මේ පරාජය පිළිබඳ කොපමණ කළකිරීමක් ඔබට තියනව ද?” මාධ්‍ය විමසුවේය.
“අපි ලොකු කලකිරීමකින් ඉන්නේ. මගේ ක්‍රීඩා ජීවිතයේ මෙච්චර ට්‍රැවල් කරපු කාලයක් වරල්ඩ් කප් එකක හම්බවෙලාම නෑ. නමුත් ඒක නිදහසට කරුණක් නෙමෙයි. නමුත් කියන්නේ යථාර්ථය ගැන. අපි සහ නෙදර්ලන්තය තමයි තරග හතරම වෙන වෙන තැන්වල ක්‍රීඩා කරන්නේ. ඒක මම හිතන්නේ නිදහසට කරුණක් නෙමෙයි. නමුත් මගේ ක්‍රීඩා ජීවිතයේ වැඩිම ට්‍රැවල් කළ වල්ඩ් කප් එක මේක. නමුත් අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව රටේ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වුනා.
ඇත්තනේම අපි පසු තැවෙනවා. ලෝක කුසලානයට පෙර බංගලාදේශයේ දි බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය මෙන්ම ඇෆ්ගනිස්ථානයට සිම්බවේට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ගැන බලනකොට මේ තරගාවලියෙදි අපි අපේ හැකියාවන්ට සාධාරණයක් කළේ නෑ. ඔබ ලෝක කුසලානයකට එනකොට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. නමුත් ලෝක කුසාලනයට පෙර අප ඒ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය සහ පසුව අපි මෙහි පැමිණ ක්‍රීඩා කළ ආකාරය ගැන අපට දැඩි පසුතැවීමක් තියනවා. කඩුළු සම්පූර්ණයෙන්ම වෙනස් තමයි. නමුත් අපි අපට සාධාරණයක් කළේ නෑ. මැතිව්ස් කීවේය.