බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි ජාතිය පහළට හෙලුවා… අපට සමාවෙන්න… මැතිව්ස් ජාතියෙන් සමාව ඉල්ලයි!

by editor
ජූනි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ජාතියම පහළට හෙලූ බවත් මේ සියලු වගකීම පිතිකරුවන් විසින් භාර ගන්නා බවත් පැවසූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සහ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් සමස්ථ ජාතියෙන්ම සමාව ගන්නා බව පැවසුවේය.

කණ්ඩායමක් ලෙස තමන් සියලු දෙනාම ඉන්නේ බරපතල පසු තැවීමක බව කී මැතිව්ස් ක්‍රීඩකයන් වශයෙන් තමන් තමන්ටම සාධාරණයක් නොකළා සේම ජාතියක බලපොරොත්තු කඩ කළ  බව පවසමින් නැවත වරක් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

හෙට පැවැත්වෙන ශ්‍රි ලංකා නෙදර්ලන්ත තරගයට පෙර පැවති මාධ්‍ය හමුව මාධ්‍ය අමතමින් අද මැතිව්ස් මේ බව ප්‍රකාශ කළේය. ඔහු මෙසේ කීවේය.

“මම හිතන්නේ අපි මුලු ජාතියම පහතට හෙළුවා. අපි ඇත්තටම කණගාටු වෙනවා අපි අපවම පහතට හෙළා ගත් නිසා. අපි කවදාවත් මේක බලාපොරොත්තු වුනේ නෑ. මම කිව්වේ අපි අභියෝගලට ගොඩක් මුහුණ දුන්නා. නමුත් ඒවා කණගාටුවට ලක් විය යුතු කාරණා නොවෙයි. නමුත් අපි සුපිරි වටයට නොපැමිණීම අවාසනාවන්තයි.”

නෙදර්ලන්ත තරගය ජයග්‍රහණය කරමින් මෙරව ලෝක කුසලානය අවසන් කිරීමේ වැදගත්කම ද මැතිව්ස් පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ නෑ අපට කිසිම කණඩායමක් සැහැල්ලුවට ගන්න පුලුවන් කියලා. නේපාලය දකුනු අප්‍රිකානු කණ්ඩායම සමග තරග කළ තියුණු ආකාරය අපි දැක්කා. එය ඉතාම වැදගත් දෙයයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය පැවැත්වීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා. නමුත් දැන් අපට තියෙන්නේ තරගාවලියේ තවත් එක් තරගයක් පමනයි. අපි අපගේ අභිමානය වෙනුවෙන් යාඥා කරනවා.”

ඔහු කීවේ තමන් තමන්ටම සාධාරණයක් කරගත්තේ නැති බවය.

“අපි පළමු තරග දෙකේදීම ක්‍රිඩා කළ ආකාරය ගැන බලනකොට අපි අපටම සාධාරණයක් කරලා නැහැ. එය ඉතාම අවාසනාවන්තයි. අප ඉන්නෙ බරපතල කම්පාවක. නමුත් හෙට තවත් දවසක්. අපි නෙදර්ලන්තයට එරෙහිව තරග කළ යුතුයි. ”

“නෙදර්ලන්තය ඉතාම භයානක කණ්ඩායමක් ඒ නිසා හොඳින් ක්‍රීඩා කරලා ඔවුන්ව පරාජය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරග ආකෘතිය තුළ කිසිම කණඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. මම කිව්වේ එවැනි කණ්ඩායම්වලට නැති වෙන්න දෙයක් නෑ, ඒ නිසාම ඔවුන්ව සැහැල්ලුවට ගන්න බෑ, විශේෂයෙන්ම අවසන් වසර කීපය තුළ මේ තරගාවලියේ පහළ කණ්ඩායම් ඉහළ කණ්ඩායම් පරාජය කළ අයුරු අප දැක්කා. ඇෆ්ගනිස්ථානය වගේ කණ්ඩායමක් ඉතාම හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් පසුගිය වසර කීපය තුළ කළා. ඔවුන්ට ඉන්නවා ඉතාම සමබර ඉතාම අත්දැකීම් සහිත කණ්ඩායමක්. ”

මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේය. “ඇන්ජි ඔබ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා. මෙවර ශ්‍රි ලංකා කණ්ඩායමට වැරදුනේ කොතැන ද?”

“අපි ඉතාම කණගාටු වෙනවා අපේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තු විනාශ වුනා. අපි අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපිට කණ්ඩයමක් විදිහට මෙතෙන්ට ආව කර්තව්‍ය ඉටු කරගන්න බැරි වුනා. පිතිකරවන් විදිහට පසුබෑමකට ලක් වුනා. පන්දු යවන්නන් හා පන්දු රකින්නන් ඒ ගහපු සුලු ලකුණු ගණන් පවා හොඳ තරගයක් ලබා දුන්නා. අවාසනාවන්ත ලෙස අපට එක තරගයක්වත් ජයග්‍රහණය කරන්න බැරිවුනා.”

“මේ වගේ තරගාවලියක එක් තරගයක් හෝ පරාජය වුවොත් මම හිතන්නේ ඉතාම අමාරුයි ඉදරියට එන්න. පළමු තරග දෙකෙන්ම පරාජය වුනාට පස්සේ අපට ඉදිරියට එන්න ඉතාම අමාරු වුනා. ඒ අතර අවාසනාවට වගේ නේපාල තරගයටත් වර්ෂාවෙන් බාධා ඇති වුනා. ”

ප්‍රේක්ෂකයින්ට මොකද කියන්නේ. ඔවුන් ඉන්නේ කළකිරීමෙන්?

“අනිවාර්යයෙන්ම. අපට ප්‍රේක්ෂකයො ලෝකයේ කොහෙ හිටියත් ඉතාම ආදරයෙන් සහයෝගය දෙනවා. මෙහෙ ඉන්න අයත් අපට පුලුවන් හැම විදිහටම සහයෝගය දෙනවා. ඔවුන්ට අපට කියන්න තියෙන්නේ සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරාජය වෙන්න උත්සාහ කරන්නේ නෑ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තරගයක් දිනන්න. ”

“මේ පරාජය පිළිබඳ කොපමණ කළකිරීමක් ඔබට තියනව ද?” මාධ්‍ය විමසුවේය.

“අපි ලොකු කලකිරීමකින් ඉන්නේ. මගේ ක්‍රීඩා ජීවිතයේ මෙච්චර ට්‍රැවල් කරපු කාලයක් වරල්ඩ් කප් එකක හම්බවෙලාම නෑ. නමුත් ඒක නිදහසට කරුණක් නෙමෙයි. නමුත් කියන්නේ යථාර්ථය ගැන. අපි සහ නෙදර්ලන්තය තමයි තරග හතරම වෙන වෙන තැන්වල ක්‍රීඩා කරන්නේ. ඒක මම හිතන්නේ නිදහසට කරුණක් නෙමෙයි. නමුත් මගේ ක්‍රීඩා ජීවිතයේ වැඩිම ට්‍රැවල් කළ වල්ඩ් කප් එක මේක. නමුත් අපේ කණ්ඩායමේ බලාපොරොත්තුව රටේ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වුනා.

ඇත්තනේම අපි පසු තැවෙනවා. ලෝක කුසලානයට පෙර බංගලාදේශයේ දි බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය මෙන්ම ඇෆ්ගනිස්ථානයට සිම්බවේට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ගැන බලනකොට මේ තරගාවලියෙදි අපි අපේ හැකියාවන්ට සාධාරණයක් කළේ නෑ. ඔබ ලෝක කුසලානයකට එනකොට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. නමුත් ලෝක කුසාලනයට පෙර අප ඒ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය සහ පසුව අපි මෙහි පැමිණ ක්‍රීඩා කළ ආකාරය ගැන අපට දැඩි පසුතැවීමක් තියනවා. කඩුළු සම්පූර්ණයෙන්ම වෙනස් තමයි. නමුත් අපි අපට සාධාරණයක් කළේ නෑ. මැතිව්ස් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට  පැමිනෙමින් සිටි ඉන්දීය බෝට්ටුවක් පෙරළී ධීවරයින් 02ක් මරුට… 3ක් රොහලේ…

Next Post

ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙයි… ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි පද්ධති යා කිරීම ගොඩබිම් මාර්ගයක් තැනීම ගැන  පවසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.