දෙරණ –
ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි.
එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ අද (21) සවස පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් මේ බව තහවුරු කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේ ද පවසතා තිබිණි.
“පසුගිය කාලය තුළ මේ අනතුරු වැඩිවීමට හේතුව කුමක් ද? ඇත්තටම මුළු සමාජයම අහන ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මම ඕකට පිළිතුරු නොදුන්නොත් ප්‍රශ්නයක් .
අපි ගත්තොත් එහෙම අපේ වාර්තාවේ සඳහන් වෙනවා පසුගිය නොවැම්බර් මැද සිට දෙසැම්බර් දක්වා ගත්තොත් මේ ගෑස් පද්ධතිය ගත්තොත් කවුරුත් දන්නවා ගෑස් සිලින්ඩරය තියෙනවා. ඊට පස්සේ උපාංග තියෙනවා. අපි රෙගියුලේටරය කියනවා. ඊළඟට රබර් නළය සහ උඳුන මේ එක පද්ධතියක්. එතකොට අපි පැහැදිලිව හඳුනාගත්තා ඇත්තටම අපි මේක ස්ථානීය පරීක්ෂණ හරහාත් අපි සාක්ෂාත් කරගත්තා.
අනෙක් කිසිදෙයක් වෙනස් වෙලා තිබුණේ නෑ. වෙනස්වෙලා තිබුණ මුලික දේ තමයි මේ සිලින්ඩරය තුළ තියෙන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා.
ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව දෙන නිගමනයක් තමයි සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා.
සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ.”







