හිටපු ආණ්ඩුකාරවරුන්වන මෛත්‍රී ගුණරත්න, රංජිත් කීර්ති තෙන්නකෝන්, අසාද් සාලි සහ නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ ගුණරත්න වන්නිනායකගෙන් සමන්විත කණ්ඩායමක් සිරකෝත එක්සත් ජාතික පක්ෂ මූලසිථානයේ දී එක්සත් ජාතික පක්ෂය නායකයන් හා විශේෂ සාකච්ඡාවක් නිරත වී තිබේ.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහලේකම් රංගේ බණ්ඩාර සහභාගී එක් වී තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී තමන්ගේ දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සමාජ ආර්ථික දේශපාලන අභියෝග ජයගැනීමට එකට එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පොදු එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් වුණු යෝජනා එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.







