සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද අළුයම කන්දකාඩු කඳවුරෙන් පැනගිය 18ක් සෝමාවතියේ බස් රථයක් පැහැර ගන්නට ගොස් බැරිවෙද්දී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඔහුව කොල්ල කා යළි කඳවුරටම ඇවිත්

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අද (04)  අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස්‍ රථයක් පැහැර ගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩි තැබීමක් සහ පිහි ඇනුමක් ද කොල්ල කෑමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද නිදහස් දා අළුයම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පලා ගොස් තිබේ. ඔවුන් සෝමාවතිය රක්ෂිතය හරහා සෝමාවතී පුදබිමට ඇතුළු වී එතැන නවතා තිබූ බස් රථයක් පැහැරගෙන පලා යෑමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ දී රැකවලට සිටි ආරක්ෂකයින් අහසට වෙඩි තබා ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කර තිබේ. ඒ අතර පලා යෑමට සැරසුන මේ රැඳවියන් අසල සිටි අගලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ජංගම දුරකථන දෙකක් සහ රුපියල් පනස් දහසක මුදල කොල්ල කා ඔහු සමග පොරබදමින් සිටිය දී ඔහුට පිහි පහරක් ද එල්ල වී තිබේ.

ඒ අවස්ථාවේ දී ව්‍යාපාරිකයා තම ලියාපදිංචි ගිනි අවියෙන් අහසට වෙඩි තබද්දී ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන දෙක, රුපියල් පනස් දහසක මුදල පැහැරගෙන මෙම රැදවියන් පිරිස යළි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙතම ගොස් ඇතැයි දැනගන්නට තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිහි පහර කෑ ව්‍යාපාරිකයා    පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගෙන්   අප කළ විමසීමේ සඳහන් කළේ පලාගිය එම සියලු රැඳවියන් මේ වනවිට කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයට බාර වී ඇති බවය.

ප්‍රදේශයේ භාරව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සඳහන් කළේ  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් නිතර රාත්‍රී කාලයේ අඬදබර වී ගැටුම්කාරී තත්ත්වයන් ඇතිකර ගන්නා බවයි. “නිදහස් දවසේ ඔවුන්ට අවශ්‍ය නිදහස ලබාගැනීම සඳහා කඳවුරෙන් පිටවී යන්න ඇති…”  ඔහු අප සමග කීවේ කළකිරීමෙනි.

කන්දකාඩුව මේ වනවිට පාලනයෙන් ගිලිහී ඇති තැනක් බවත්, එහි රඳවා ඇති මත්ද්‍රව්‍ය ලෝලීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙමින් ඇති බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චාමිකගේ තාත්තා එවූ පන්දුවකට සිදත් වෙත්තමුණි එල්ල කළ පහරින් විවෘතවුන කොස්ගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය…

Next Post

සිවිල් වරදකරුවන් බන්ධනාගාරයට නොයවා නිවාස අඩස්සියට… පනත් කෙටුම්පතක් මේ වසරේ පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.