සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාමිකගේ තාත්තා එවූ පන්දුවකට සිදත් වෙත්තමුණි එල්ල කළ පහරින් විවෘතවුන කොස්ගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය…

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අම්බලන්ගොඩ හා බළපිටියේ පාසැල් දරුවන්ගේ ක්‍රිකට් හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලෝකයේ ජනප්‍රිය රටවල ක්‍රිකට් තණතීරු වලට ගැලපෙන පරිදි බළපිටියේ කොස්ගොඩ ඉදිකරන ලද ක්‍රිකට් තණතීරු ත්‍රිත්වය හා ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ශතකය හිමිකරගත් ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස කොස්ගොඩ දී විවෘත කෙරුණි.

සිදත් වෙත්තමුණි ක්‍රීඩාංගනය විවෘත කරමින්….

කොස්ගොඩ පදිංචි දැනට කැනඩාවේ රැකියාවේ නියුතු කුළුණ ද සොයිසා  ගේ පෞද්ගලික ධන පිරිත්‍යාගයෙන් මෙම ක්‍රිකට් තණතීරු හා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකර තිබේ. විවෘත කිරීමේ අවස්ථාවට කුළුණ ද සොයිසා වෙනුවෙන් බිරිය හා දරුවන් දෙදෙනා සහභාගී විය.

කුළුණ ද සොයිසාගේ පුතණුවන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන අතර ඔහු සහ අම්බලන්ගොඩ හා බළපිටියේ පාසැල් දරුවන්ගේ පුහුණු වීම් වෙනුවෙන් මෙම තණතීරු හා ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකර තිබේ. 

ගෘහස්ථ ක්‍රීඩාංගණය, බළපිටිය රේවත ජාතික පාසැලේ ක්‍රිකට් පුහුණු කරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අභාවප්‍රාප්ත අංජුල මෙන්ඩිස්  වෙනුවෙන් නම්කර ඔහුගේ බිරිද ලවා විවෘත කිරීමටද මෙහිදි කටයුතු කෙරුණි.

1950 – 1980 අතර කාලයේ බැට්මින්ටන් ක්‍රීඩාවේ ජනප්‍රිය ජාතික තලයේ ක්‍රීඩකයෙකු වූ බළපිටියේ ලුවී කරුණාරත්නගේ ආරාධනයෙන් සිදත් වෙත්තමුණි  මෙම අවස්ථාවට සහභාගී විය. ලුවී කරුණාරත්නගේ පුතණුවන් වන 16 වතාවක් ශ්‍රී ලංකාවේ ජාතික බැට්මින්ටන් ශූරතාවය හිමිකර ගත් ඔලිම්පික් තරගාවගි ත්‍රිත්වයක් නියෝජනය කළ නිලූක කරුණාරත්නද මෙම අවස්ථාවට සහභාගී විය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිදත් වෙත්තමුණි   තණතීරුවේ ප්‍රථම පන්දුවට පහර දෙමින් තණතීරුව විවෘත කරන ලද අතර ඔහුට පන්දු යැවීම බැට්මින්ටන් ක්‍රීඩක ලුවී කරුණාරත්න   විසින් සිදුකරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සිදත් වෙත්තමුණි මෙසේ කීය.

මට දකුණේ බළපිටියට සම්බන්ධයක් තිබෙනවා. මගේ මවගේ ගම් ප්‍රදේශය නිසාවෙන් ආසාවෙන් මෙම ආරාධනාව බාර ගත්තා. ලංකාවේ පළමුවෙන්ම ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකළේ මගේ පියා විසිනුයි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපේ රටේ විශාලතම අඩුපාඩුවක් සම්පූර්ණ කරන්නේ. නිලූක කරුණාරත්න, චාමික කරුණාරත්න වගේ ක්‍රීඩකයින් බළපිටියෙන් තව තවත් බිහි වෙන්න මේ තණතීරු හේතු වේවි.

අපි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ කාලයේ ලණු මැට්න් වලයි, සෙල්ලම් කළේ. අද ගම්වල දරුවන්ටත් යම් මට්ටමේ පහසුකම් තිබෙනවා. මේ සම්පූර්ණ කරල තිබෙන්නෙත් ඒ් වගේ අඩුවක්. තනි පුද්ගලයෙක් විසින් මේ කාර්යය කිරීම ඉතා වැදගත් වෙනවා. මේ තණතීරු වල දිනපතා වතුර දමමින් හොදින් නඩත්තු කරන්න වෙනවා. මේ වෙනුවෙන් මටත් සහභාගි වෙන්න ලැබීම සතුටක්.

ලුවී කරුණාරත්න, නීතීඥ නාරද මෙන්ඩිස්, ගුණජය සතුට පදනම වෙනුවෙන් අරුණ ද සිල්වාද මෙහෙදී කතා කලහ. ක්‍රිකට් විනිසුරු, හිටපු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත නයනකාන්ත   ඇතුළු පිරිසක් මෙන්ම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සේවකයෝ රට පුරා උද්ඝෝෂණයකට සැරසෙති…

Next Post

අද අළුයම කන්දකාඩු කඳවුරෙන් පැනගිය 18ක් සෝමාවතියේ බස් රථයක් පැහැර ගන්නට ගොස් බැරිවෙද්දී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඔහුව කොල්ල කා යළි කඳවුරටම ඇවිත්

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.