බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අගමැති – විපක්ෂ නායක  එකඟතාවෙයන් ව්‍යවස්ථාදායක සභා සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා නම් කෙරේ!

by editor
ජනවාරි 23, 2026
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය සහ විපක්ෂ නායකවරයා එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න   ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ලෙස නම් කිරීමට එකඟ වී ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් සිවිල් සමාජ සාමාජිකයන් වන වෛද්‍ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්න යන සාමාජිකයින්ගේ නිල කාලය පසුගිය 16 දා අවසන් වූ අතර, ඒ සඳහා නව පත්වීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයන් පත් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය මත කථානායකවරයා විසිනි.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස පහත නම් යෝජනා වී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  • මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න – දැනට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානයේ (Centre for the Study of Human Rights – CSHR) අධ්‍යක්ෂවරියද වේ.
  • ඔස්ටින් ප්‍රනාන්දු   – ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය, ජනාධිපති ලේකම් ධූරය ඇතුළු දරමින් රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් දරා ඇති අතර, පෞද්ගලික සහ අන්තර්ජාතික ආයතනවල වගකීම් දැරූ නිලධාරියෙකි.
  • රංජිත් ආරියරත්න   – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඔහු අමාත්‍යාංශ රැසක ලේකම්ධු රය දැරූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

10 දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පහත පරිදිය :-

  • අග්‍රාමාත්‍යවරයා – නිල බලයෙන්
  • කථානායකවරයා – නිල බලයෙන්
  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා – නිල බලයෙන්
  • ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
  • පහත සඳහන් පරිදි නාමයෝජනා කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන තැනැත්තන් පස් දෙනෙක්: –
  • ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බහුතරයකගේ එකඟත්වය මත නාමයෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
  • විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ එකඟත්වය මත නාමයෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
  • අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය මත කථානායකවරයා විසින් නාමයෝජනා කරනු ලබන තැනැත්තන් තිදෙනෙක්
  • ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන ‍දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය මත නාමයෝජනා කර ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝ අර ගේනවා කියපු විශ්වාස භංගය… ඒක ගේනකම් මම බලන් ඉන්නේ… අගමැතිනිය විපක්ෂයෙන් අසයි!

Next Post

බංග්ලාදේශය 2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවේ සංචාරය අවසන් වරටත් ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.