බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝ අර ගේනවා කියපු විශ්වාස භංගය… ඒක ගේනකම් මම බලන් ඉන්නේ… අගමැතිනිය විපක්ෂයෙන් අසයි!

by editor
ජනවාරි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපි දැන්වත් බාල තුට්ටු දෙකේ සාකච්ඡා නවත්තලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සංවාදය ඒ බරින්ම කරමු… ඒකට මේ යෝජනාවලිය හදාරා එන්න… අගමැතිවරිය විපක්ෂ නායකට දන්වයි…

තමන්ට එරෙහිව එන විශ්වාස භංගයට සිදුවී ඇත්තේ කුමක්දැයි අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් විමසුවාය.

“කවද්ද අර විශ්වාසභංගය ගේන්නේ. මම ඒක එනකම් බලාගෙන ඉන්නේ. ජනාධිපතිව අයින් කරගන්න බැරි වුනාම අඩුම තරමින් අගමැති අයින් කරගන්න උත්සාහ කළානේ.”

“කෝ ඉතින් ඒ උත්සාහයත් නෑනේ.  අද උදේ ඇවිත් මම මේ දුවගෙනම ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න කියලා. “

“කෝ… ගේන්නේ නැද්ද? . අපරාදේ… අපිනම් ලෑස්තිවෙලා හිටියේ… අගමැතිවරිය විපක්ෂයට කීවාය. ඇය අද පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

“මම මේකත් කියන්නම්. විශ්වාසභංගය ඔබතුමන්ලා ගේන්න ඕන නෑ. මේ රටේ ජනතාව තීරණය කළාම මේ අගමැති වෙනස් වෙන්න ඕන කියලා අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. අපේ හෘද සාක්ෂියට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඉන් අනතුරුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ජාතික අරමුණු සහිත හරය ගැන අතිශය වැදගත් කථාවක් කළ අග්‍රාමාත්‍යවරිය විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය යුතු ජාතික වැදගත්කමක් සහිත සංවාදය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ අන්තර්ගතය හදාරා එන ලෙසය.

එසේ නොමැතිව මතුපිට කරුණු අල්ලාගෙන දකින දකින දෙයින් පහර දෙන වෛරී බැනවැදීම් සහිත තුට්ටු දෙකේ ප්‍රලාප මේ ජාතික සංවාදය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැති බව ඇය අවධාරණය කරමින් ප්‍රකාශ කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ සංදර්භය සහ අපේක්ෂිත ජාතික ඉලක්ක විස්තර කරමින්  අගමැතිවරිය අද කළ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම මෙසේය.

අන්තර්ගය හරියට හදාරන්න

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අන්තර්ගතය හරියට හදාරලා ඉදිරිපත් කරන  විවේචන ඉදිරිපත් කරන්න. නැතිනම් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්  සඳහා තිබිය යුතු සංවාදය අපට ගන්න බෑ  මේ විදිහට දකින දකින එකෙන් දමලා ගහනකොට. ඇත්තටම අපට අවශ්‍යවන ප්‍රයෝජනවත් ඉන් ඇති වෙන්නේ නෑ.”

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ප්‍රයෝජනවත් සංවාදයක් අවශ්‍යයි. ඒ විවාදය අපට ගන්න අමාරු වෙනවා ක්‍රෝධයෙන් සහ වෛරයෙන් දකින දකින දෙයින් දමලා ගහන්න උත්සාහ කරන නිසා.

උදාහරණයක් හැටියට මම දැක්කා විපක්ෂ නායක තුමා ඊයේ ලයිස්තුවක් කියවනවා… කියවලා අහනවා මේවා තියනව ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ කියලා.

අපි ඉදිරිපත් කරලා තියන මේ සභාවට සභාගත කරපු සංකල්ප පත්‍රකාව තුළ තිබෙනවා ජාතික අධ්‍යාපන ඉලක්ක කියලා දේවල්. මම ඒවා ටිකක් කියවන්නම්.  මොකද   අප නැවත නැවත අවධාරණය කළ යුතුයි මොකක්ද මේ අපි කරන්න යන්නේ කියන එක.

මේ ජාතික අධ්‍යාපන ඉලක්ක සඳහා තමයි විෂය මාලාව සහ අන්තර්ගතය හැදෙන්නේ.

ජාතික අධ්‍යාපන ඉලක්ක

  1. මිනිස් අගයන්ට ගරු කිරීම මත පදනම් වූ පුද්ගලයින්ගේ නිරෝගි සම්පන්න සහ ප්‍රීතිමත් ජීවන රටාවක් සඳහා අවශ්‍ය ශාරීරික මානසික සමාජ චිත්තවේගීය සහ පාරිසරික යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම.
  2. ජාතික අවශ්‍යතා සහ ගෝලීය ප්‍රවනතා සමග සමපාතව තාක්ෂණික සමාජ ආර්ථික සහ සංස්කෘතික දියුණුව සඳහා දැනුම කුසලතා ආකල්ප සහ මානව ගුණාංග සංවර්ධනය කිරීම
  3. කුතුහලය විවෙචනාත්මක චින්තනය, ගැටලු විසඳීමේ කුසලතා, නිර්මාණශීලත්වය සහ නවෝත්පාදන හැකියාව සහිත පුද්ගලයින් බිහි කිරීම
  4. සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක සම්මතයට අනුකූලව යුතුකම් සහ වගකීම් ඉටු කරමින් මානව අයිතිවාසිකම් සහ රටේ නීති කෙරෙහි ගෞරවය ප්‍රවර්ධනය කිරීම
  5. වෙනස්කම් කළමනාකරණය කිරීම සහ සංකීර්ණ සහ අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට පුද්ගලයින් දියුණු කිරීම
  6. දේශීය හා ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දක්වමින් ජාතියේ සංස්කෘතික සහ පාරිසරික උරුමය ආරක්ෂා කිරිම
  7. ඉගනීමට ඉගනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සිහි බුද්ධියෙන් හා ස්වයං විඥානාත්මක ඉගනුම් ලබන්නෙකු ප්‍රවර්ධනය කිරීම

විපක්ෂ නායකගේ නොදැනුම්වත් භාවය

ඊයේ ගරු විපක්ෂ නායක තුමා ලයිස්තුවක් කියෙව්වා ඩිජිටල්  ලිටරිසි කිව්වා… ඩේට සයන්ස් ගැන කතා කළා. සයිබ සිකියුරිටි ඩේටා ඇනලටික්ස්    කියලා ලයිස්තුවක් කියෙව්වනේ. කියලා ඇහුවා ඒව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියනව ද කියලා.

ඒ ඇත්තටම ගරු කතා නායක තුමනි ඒ විපක්ෂ නායක තුමා කියෙව්වේ  පොතක අන්තර්ගතයේ තියෙන්න ඕන Table of Contents එක වගේ දෙයක්.  අපි 6 වසරේ ඉඳන් 13 වසර දක්වා මේවා  උගන්වන්න ඕන. පළවෙනි වාරේ හැම එකක්ම උගන්වන්නේ නෑනෙ. නමුත් අන්තර්ගතය දිහා බැලුවා නම් එතුමාට තේරුම් ගන්න පුලුවන් මේ ජාතික අරමුණුවලට අනුකූලව යෝජිත කුසලතා මොනවද කියලා.

මම දෙක තුනක් කියන්නම්.  එකක් තමයි පදනම් සාක්ෂරතා

පදනම් සාක්ෂරතා  – සාක්ෂරතාවය, සංඛ්‍යා සාක්ෂරතාවය, විද්‍යාත්මක සාක්ෂරතාවය, අධ්‍යයන සාක්ෂරතාවය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ සාක්ෂරතාවය, මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාවය, සංස්කෘතික සහ සෞන්දර්යාත්මක සාක්ෂරතාවය, මූල්‍ය සහ ව්‍යවසායකත්ව සාක්ෂරතාවය…

ඩිජිටල් සහ අනාගත කුසලතා – ඩිජිටල් ප්‍රවීනතාවය, ඛේතකරණය, කෘතිම බුද්ධිය පිළිබඳ දැනුම්වත් භාවය, දත්ත සාක්ෂරතාවය සහ මාර්ගතා ආරක්ෂා සාක්ෂරත තාවය…

මේවා තමයි අපේ මේ යෝජනා කරලා තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්ක සහ දියුණු කළ යුතු කියලා හඳුනාගෙන තියන කුසලතා. ඉතින් ඒ අනුව තමයි සිලබස් එක හැදෙනනේ. අන්තර්ගතය හැදෙන්නේ. මේවා බලන්නේ නැතිව අර Table of Contents වගේ දෙයක් කියාගෙන කියාගෙන යනකොට ඇත්තටම අපි කොහොමද ඵලදායී විදිහට මේවා ගැන සංවාදයක් කරන්නේ.

ඒක නිසා තමයි මම පුන පුනා යෝජනා කරන්නේ අපේ විපක්ෂයට මේ අන්තර්ගතය හරියට කියවලා ඇත්තටම අපට අවශ්‍යවන සාධනීය විවේචනත් ඉදිරිපත් කරලා දියුණු සංවාදයකට ලෑස්ති වෙමු කියලා.

ගෝලීය අධ්‍යාපනයේ පදනම

විශේෂයෙන්ම අපි මෙතන ගෝලීය අධ්‍යාපනය ගැන කතා කරනකොට, ගෝලීය අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරනකොට කතා කරන ප්‍රධාන ඉලක්ක දෙකක් තියනවා Lifelong Learning  (ජීවිත කාලය පුරාම ඉගෙනීම ) කියන එකයි Learning to Learn  ( ඉගෙනීමට ඉගෙනීම)  කියන එකයි. මේ දෙකම තියනවා අපේ ඉලක්ක හැටියට.

මම ඒක වැදගත් කියලා කියන්නේ හේතුවක් ඇතිව.

ලෝකය වෙනස් වෙන වේගයේ හැටියට අපිට දරුවෙකුට මොනවගේ කුසලතා මොනවගේ දැනුම අද දිය යුත්තේ ද කියලා තීරණය කරන්න බෑ. ඒ තරම් වේගයෙන් ඒවා වෙනස් වෙනවා. අපිට දරුවෙකුට දෙන්න පුලුවන් වෙන්නේ ඒ වේගයෙන් වෙනස්වෙන ලෝකයත් එක්ක ගනුදෙනු කරමින් ඉදිරියට යන්න පුලුවන් ශක්තිය සහ කුසලතා .

ඒ නිසා තමයි Lifelong Learning  කියන සංකල්පය මෙතන වැදගත් වෙන්නේ.  ඉගෙනගත යුත්තේ නිශ්චිත කාල රාමුවක් තුළ නොවෙයි. ජීවිතය පුරාම ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕන. රැකියාවක් කරලා නැවත වතාවක් ඉගනුම් ක්‍රියාවලියට එන්න පුලුවන් වෙන්න ඕන. ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන්න පුලුවන් වෙන්න ඕන. මේ සියල්ලටම අවශ්‍ය නම්‍යතාවය අප මේ යෝජනා කරලා තියන අලුත් අධ්‍යාපන ව්‍යුහය තුළ තිබෙනවා.

විශේෂයෙන්ම Learning to Learn    කියන එක. ඒ කියන්නේ ඉගෙන ගන්න ඉගෙනගැනීම. ඒක තමයි වැගත්ම දේ.  මොකද අපිට තවදුරටත් කරුණු විතරක් උගන්වලා හරියන්නේ නෑ. ඒ කරුණු ඉගෙනගෙන කටපාඩම් කරලා ටෙස්ට් පේපර් එකට ලියන්න තියන එක නෙමෙයි කුසලතාවය. කරුණු හොයාගෙන යන එක. ඒවා අධ්‍යයනය කරන එක. සත්‍ය අසත්‍ය හරියට තෝරා ගැනීමේ හැකියාව.

මේ සියල්ල තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංකරණ හරහා ඉදිරිපත් කරන්නේ.

තුන්වැනි එක. අපි මේ ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්ම දේ වෘත්තීය පුහුණු ප්‍රවේශය දරුවන්ට විවෘත කරන එක. ඒ සඳහා ආශාව ඇති කරන එක. කුතුහලය ඇති කරන එක. ඒ සඳහා වටිනාකමක් දෙන එක. ඒක අධ්‍යාපනයේ කොටසක් බවට පත් කිරීම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉදිරිපත් කරලා තියන වැදගත්ම දෙයක්.

ඒක හරහා රැකියාවකට විතරක් නෙමෙයි. හොඳ පුරවැසියෙක් බිහි කිරීම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපි යෝජනා කරලා තියනවා.

අපෙන් සිදුවුන ප්‍රශ්නය –

එතනදි හය වෙනි ශ්‍රේණියේ එක මොඩියුල් එකක ප්‍රශ්නයක් ඇති වුනා. අපි ඒ වැරැද්ද භාර ගත්තා. ඒ වැරැද්ද නිවැරදි කරන්න කටයුතු කළා. ඒක තමයි වගකිවයුතු ආණ්ඩුවක් හැටියට කළ යුත්තේ. ඒ නිවැරදි කිරීම අපේ වගකීම. ඒ වගකීමත් එක්ක තමයි අපි කටයුතු කළේ.

නමුත් විපක්ෂය උත්සාහ කලේ ඒක උස්සගෙන අන්තර්ගතය ගැන කිසිම දැනුමක් හැඟීමක් නැතිව ඉතාම වෛරී අන්දමින් කටයුතු කරන්න.   මේක තුළ හැම අවස්ථාවකම බලන්නේ ආණ්ඩුව පෙරළා ගන්න. අප්‍රේල් නෙමෙයි, දැන් දෙසැම්බර්වලද කොහෙද තව ජනාධිපති කෙනෙක් එනවා කියලා මම දැක්කා.

කවද්ද අර විශ්වාසභංගය ගේනේනේ?

දැන් අගමැතිව පෙරලන්න හදනවා කියලත් කිව්වා. කවද්ද අර විශ්වාසභංගය ගේන්නේ. මම ඒක එනකම් බලාගෙන ඉන්නේ. ජනාධිපතිව අයින් කරගන්න බැරි වුනාම අඩුම තරමින් අගමැති අයින් කරගන්න උත්සාහ කළානේ. කෝ ඉතින් ඒ උත්සාහයත් නෑනේ.  අද උදේ ඇවිත් මම මේ දුවගෙනම ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න කියලා.

“කෝ… ගේන්නේ නැද්ද? .”

“අපරාදේ… අපිනම් ලෑස්තිවෙලා හිටියේ… “අගමැතිවරිය විපක්ෂයට කීවාය.

“මම මේකත් කියන්නම්. විශ්වාසභංගය ඔබතුමන්ලා ගේන්න ඕන නෑ. මේ රටේ ජනතාව තීරණය කළාම මේ අගමැති වෙනස් වෙන්න ඕන කියලා අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. අපේ හෘද සාක්ෂියට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්.

ඒ නිසා අපි මේ ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ලෝකයට ගැලපෙන එකක්. අද ලෝකයේ අතිශයින්ම සංකීර්ණ කාටවත් අනුමාන කරන්න බැරි විදිහට වෙනස් වෙන තැනක්.  විශේෂයෙන්ම අපි වගේරටවල් විතරක්  නෙමෙයි,  දියුණු කියන රටවල් පවා මේ අධ්‍යාපනය  වෙනස් විය යුතු දිශානතිය ගැන අතිශයින් තියුණු සාකච්ඡාවක ඉන්න මොහොතක් මේක.  ඒ වගේවෙලාවක  අපි මේ බාල තුට්ටු දෙකේ සාකච්ඡා කරලා වැඩක් නෑ කතානායක තුමනි.”

“විශේෂයෙන්ම පාර්ලමේන්තුව තුළ. “

“පාර්ලිමේන්තුව තුළ දියුණු සාකච්ඡාවක් අවශ්‍යයයි. ඒ දියුණු සාකච්ඡාව ගන්න අපි හැම වෙලාවෙම සූදානම්. ඒ සඳහා මේකේ අන්තර්ගතය හොඳට බලලා ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන හොඳට අධ්‍යයනය කරලා එන්න….  මතුපිටින් එන වචන ටිකක් අහුලා ගන්නේ නැතිව…  ඇත්තටම ඒ බරින් මේ සංවාදය අපි කරමු කියන යෝජනාව කරනවා. “ අගමැතිවරිය අවසාන වශයෙන්  පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

19න් පහළ එක් දින ලෝක කුසලානය – ශ්‍රී ලංකාව විලි ලජ්ජා නැති ලෙස පරදී… ඔස්ට්‍රේලියාව කඩුළු 09ක විශිෂ්ට ජයක්…

Next Post

 අගමැති – විපක්ෂ නායක  එකඟතාවෙයන් ව්‍යවස්ථාදායක සභා සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා නම් කෙරේ!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.