අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

by editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පහුගිය 23 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවේ ගියේ උගන්ඩාවෙන් ගෙන්වන ලද පුද්ගලික ජෙට් යානයකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරවු කරයි.

ඔහු විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කරන්නේ රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ කෙසේද යන්නය.

අගමැතිවරයාගේ දේව භක්තිය හෝ වන්දනාව පිළිබඳ තමන්ට ප්‍රශ්නයක් නොමැති නමුත් රට මේසා බරපතල අවුලකට ගොස් ඇති අවස්ථාවක තමන්ගේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්නට රුපියල්වලින් පඩි ගන්නා අගමැතිවරයා ඩොලර් උපයා ගත්තේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව ඔහු පැවසුවේය.

Pubudu
පුබුදු ජයගොඩ

ප්‍රචාරක ලේකම්වරයා  මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේක අගමැතිවරයාගේ පුද්ගලික සංචාරයක් නම්  එම ගමන සිදුකළේ සාමාන්‍ය ගුවන්සේවයක ගුවන් යානයකින්   නම් ඒක වෙන කතාවක්. නමුත් අගමැතිවරයා තිරුපති ගියේ පුද්ගලික ජෙට් යානයකින්.  මේ රූපවාහිනී නාලිකාවල  දකිනකොට  පෙන්වන්නෙ එය නිල් පාට ජෙට් එකක්.   ඒක පුද්ගලික ගුවන් යානයක් විදිහට අගමැතිවරයාව තිරුපති වෙත අරගෙන ගියෙ.

මිට සමානම ජෙට් එකක් පහුගිය 16 දා රත්මලාන ගුවන්තොටුපලට ආවා. ගුවන්තොටුපල නිල ෆේස් බුක් පිටුවෙ දානවා 16 උගන්ඩාවෙ ඉඳලා තමයි මේ ගුවන් යානය එන්නේ කියලා. නිල ෆේස් බුක් ගිනුමෙ සඳහන් කරන්නෙ පුද්ගලික ගුවන් යානයක් ආවා. මේවා නිතර නිතර දක්නට ලැබෙන එක   හොඳ දෙයක් කියලා. දකින අයට හිතෙන්නේ දැන් ඩොලර් අර්බුදයට යහපතක් වෙනවා වගේ  අදහසක්.  අපට හිතෙන්නේ උගන්ඩාවෙ ඉඳන් ජෙට් අරගෙන පිරිසක් ලංකාවට ආවා වගේ හැඟීමක්. දැන් රටට ඩොලර් එනවා ඇති වගේ හැඟීමක්.

ඒත් ඊට සතියකට පස්සේ අගමැතිතුමා මේ ජාතියම ජෙට් එකකින් තිරුපති යනවා. මේක පුද්ගලික ජෙට් එකක් කිව්වට මේක කාගෙද?.  හිමිකාරිත්වය කාගෙද?

නිල් පාට ජෙට් එක…

අගමැතිවරයා දෙවියො ඇදහීම ප්‍රශ්නයක් නොවෙයි. ඔහු සාමාන්‍ය ගුවන් ගමනක් නොගිහින් ඉතාම මිල අධික පුද්ගලික ගුවන් යානයක් භාවිත කළේ ඇයි?. අහසේ අවකාශයට ඒ තරම් මුදලක් විදයදම් කළේ ඇයි. ඒ මුදල ඔහු වැය කරන්නෙ ඔහුගෙ පුද්ගලික මුදලින් ද?. පුද්ගලික මුදලින් වැය කරන්න ඔහු  ඩොලර් උපයාගෙන තියනව ද?.

සමහර අපනයන ආනයන ව්‍යාපාරවල යෙදිලා ඉන්න අය පුද්ගලික ජෙට් යානා පාවිච්චි කරනවා. ඔවුන් වැය කරන්නෙ ඔවුන් උපයා ගත්තු ඩොලර්.  අගමැතිවරයාට පඩි ගෙවන්නෙ ඩොලර් වලින් නොවෙයි.  රුපියල්වලින්.  එහෙනම් අගමැතිවරයා පාවිච්චි කරන්නෙ මොන ඩොලර් ද?.

මිනිස්සුන්ට වාහනයක යන්න එපා පයින් යන්න කියලා යෝජනා කරද්දි, තුන්වේල නොකා දෙවේලක් කන්න යෝජනා කරද්දි මේ විදිහට ඩොලර් වියදම් කරන්නෙ කොහොමද?. පුබුදු ජයගොඩ ප්‍රශ්න කර සිටියේය.

ඔහු කළ ප්‍රකාශය පහත දැක්වේ.

“වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිගේ තිරුපති ගමන“ – ඉන්දීය මාධ්‍ය කී කතාව

අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊටීඑෆ් මුදල් කොල්ල කෑ  නිලධාරීන් 10ක ගේ වැඩ තහනම්!

Next Post

ප්‍රසන්න රණතුංග ඉඩම් කොල්ලයක… පුරවැසි කාන්තාවක් මාධ්‍යය ඉදිරියේ දත්ත සහිතව හෙළිකරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.