සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසන්න රණතුංග ඉඩම් කොල්ලයක… පුරවැසි කාන්තාවක් මාධ්‍යය ඉදිරියේ දත්ත සහිතව හෙළිකරයි!

by editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • බිරියගේ නමට හොර ඔප්පු හදාගෙන නාගරික සංවර්ධන අධිකාරියෙ ඉඩම අත්පත් කරගෙන… උසාවියේදි  ඉඩමේ පුද්ගලික් දේ ඉවත් කරගෙන නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා දීමට පොරොන්දු වෙලා…

  • දැන් යළිත් වැඩ පටන් අරන්… ඇමති ආරක්ෂකයො සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මුරට දාලා…පහත් බිමක් ගොඩ කරලා ඉදිකිරීම් පටන් අරන්…

  • ඔවුන්ගේ පුද්ගලික විදුලි මෝටර් රථය ආරෝපණය කරන්නේ විදුලි කොකු ගහලා හොරෙන් විදුලිය අරන්…

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  සිය දේශපාලන බලය අවභාවිත කරමින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් තලවතුගොඩ නගරයේ පෙරේරා මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් බලහත්කාරයෙන් ව්‍යාජ ඔප්පු භාවිත කරමින් අත්පත් කරගෙන සිටින බවට යාබද ඉඩම හිමි රජීවී ද සිල්වා   චෝදනා කරයි.

රජිවී ද සිල්වා

ඇය පෙන්වා දෙන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳ වන මොරීන් රණතුංගගේ නමට 2004 දී මෙම ව්‍යාජ ඔප්පුව සකසා ඉඩම අත්පත් කරගෙන ඇති බවත් එහි නාගරික සංවර්ධන අධිකාරියේ පුවරු ගලවා ඉවත් කොට ඉදිකිරීමක් ද කර ඇති බවත්ය.

එමෙන්ම එම ස්ථානයේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුරපොලක්, සිවිල් ඇඳුමින් සිටින ඇමති ආරක්ෂකයන් ද ඇතුළුව 4 දෙනකු පමණ යොදවා සිටින බවත් අමාත්‍යවරයාගේ නිල නිවසක් නොවන මෙම ස්ථානයේ ඔවුන් රාජකාරි කරන්නේ කෙසේද යන්නත්  ඇය ප්‍රශ්න කර සිටී.

එම ඉඩම ආශ්‍රිත මාර්ගයේ ද කොටසක් අල්ලාගෙන ඇතිවාක් මෙන්ම එම ස්ථානයේ විදුලි කණුවකින් විදුලිය ඇද සිය පෞද්ගලික විදුලි මෝටර් රථය චාර්ජ් කරගැනීම ද ඔවුන් විසින් සිදුකරන බවට  ඇය චෝදනා කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!


මින් පෙර ඇය මේ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ වීඩියෝව…

කෙසේවෙතත් වසර 8 1/2ක් තිස්සේ දේශපාලන බලය යොදාගනිමින් එම මාවතේ පදිංචිකරුවන්ට අවහිර හිරිහැර සිදුවන අයුරින් ඔවුන් දිගින් දිගටම කටයුතු කරන බවට ද ඇය චෝදනා කර සිටී. එබැවින් මීට පෙර ඇය මේ පිළිබඳ නඩුවක් ගොනුකළ නමුත් අමාත්‍යවරයාගේ පාර්ශ්වයේ නීතිඥවරුන් අවසානයේ උසාවියට දන්වා තිබුණේ ඉඩමෙන් පෞද්ගලික දෑ ඉවත් කරගෙන යළි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති බවය.

එහෙත් රජීවි  ද සිල්වා පවසන්නේ ඊයේ වනවිටත් අමාත්‍යවරයාගේ බලය අවභාවිත කරමින් ඇමති ආරක්ෂකයින්, පොලිස් නිලධාරීන් එම ස්ථානයේ යොදවාගෙන, සිය පෞද්ගලික රථය ද ජනතාව බිල් ගෙවන විදුලියෙන්   ආරෝපණය කරමින් මෙලෙස නීති උල්ලංගනය කිරීම් ගණනාවක් කරමින් සිටින අතර එක රටක් එක නීතියක් සංකල්පයට යන්නට හදන රටක දේශපාලකයාට එක නීතියකුත් ජනතාවට තව නීතියකුත් රටේ ක්‍රියාත්මක වන බවය.

එම ඉඩම ගොඩකර ඇති එකක් බවත් දේශපාලකයන්ට ඉඩම් ගොඩකර දිය හැකි නම් රටේ සියලුම එවැනි ඉඩම් ගොඩකර දුප්පත් ජනතාවට නිවාස සාදාදෙන ලෙසත් මෙම ප්‍රශ්නගත ඉඩම ඇති මාර්ගයේ තමාට අයිති නිවාස දෙකම විකුණා එම ඉඩම්වල අසරණ ජනනතාවට නිවාස සාදාදීමට එම මුදලම යෙදවීමට තමා කැමති බවත් ඇය අවධාරණය කරයි.

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට පැමිණ රජීවි ද සිල්වා   ඊට අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කරමින් කරන ලද සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

Next Post

උද්ඝෝෂණයක් අතර මැද දිඹුලාගල නායක හිමියන්ට වැලි ජාවාරම්මු තර්ජනය කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.