ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින දෙකක වන්දනා චාරිකාවක් සඳහා තිරුපති කෝවිලේ නගරයට පැමිණි බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.
තිරුපති ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය මහ ඇමති කේ නාරායනස්වාමි සහ දිස්ත්‍රික් නිලධාරී එම් හරිනාරායන ප්‍රමුඛ චිත්තූර් දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගොඩබිම් මාර්ගයෙන් තිරුමාලට ළඟා වන අතර රාත්‍රිය සඳහා කඳුකර ප්‍රදේශයේ නතර වනු ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි. සිය පවුලේ සාමාජිකයන් ද කැටුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා අගමැතිවරයා උදෑසන තිරුමාලා කෝවිලේ පූජා මෙහෙයට එක්වනු ඇතැයි එම පුවත් සේවය දක්වයි..
එම පුවත් සේවය දක්වන ආකායට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙකි. මෙම දෙදින සංචාරය සඳහා තිරුමාලා තිරුපති දේවස්ථාන විසින් විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයි එහි දැක්වේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවසන් තිරුපති ගොස් ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. (ටයිම්ස් ඔෆ් ඉන්දියා)