ලලිත් චාමින්ද –
අක්මිමන කපුහෙම්පල ප්රදේශයේ දි පුද්ගලයකු පිහියකින් ඇන ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
මේ පුද්ගලයා නිවසේ සාලයේ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් මොහුට පිහියකින් ඇන ඝාතනය කොට ඇති බැව් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ කාතුහේන වත්ත , කපුහෙමිපල , අක්මීමන ලිපිනයේ පදිංචි ගොඩාමුන විතානගේ දිලිප් නානායක්කාර (36) නැමති අයෙකි.
මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු අක්මීමන පොලිසිය මගින් සිදුකරනු ලබයි







