මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් වන විට අවසන් කිරීමට කටයුතු කරන බව අදානි ට්‍රාන්ස්මිෂන් ලිමිටඩ් සමාගම පවසා තිබේ.
ඔවුන් මේ බව පවසා තිබෙන්නේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සීමාසහිත අදානි ට්‍රාන්ස්මිෂන් ලිමිටඩ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දාන සහ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම සමඟ ඊයේ 12 පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය කංචන විජේසේකර සමග සිදු කළ සාකාච්ඡාවේදීය.
ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ඇති අභියෝග, මාර්ග සිතියම සහ කාල නියමය සහ 2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට Adani Green Energy ආයතනයේ කැපවීම පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු පැවසීය.







