ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නලීන් අපොන්සෝ ගේ බොරලැස්ගමුව කටුවාවල මාවත, පළමු පටුමගේ පිහිටි නිවසට කඩා වැදී ඇති කොල්ලකරුවන් පිරිසක් නිවස තුළ තිබුණු ඇමරිකානු ඩොලර් දස දහස් හාරසීයක්, ශ්‍රි ලංකා රුපියල් පනස් පන් ලක්ෂ පනස් දාහක් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවට බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
කොල්ල කෑ සම්පූර්ණ වත්කම්වල වටිනාකම එක් කෝටි හත් ලක්ෂ හත් දහස් අටසීයක් බවද සඳහන්ය.
ඊයේ දහවල් මෙම කොල්ලය සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ දි නිවසේ සිට ඇත්තේ සේවිකාවක් පමණක් බව වාර්තා වේ.
නලීන් අපොන්සු ජන සතු සේවා ක්‍රිකට් සමාජයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.