ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන බලධාරීන් දැනුම්දුන් මරණයක් ගැන කළ මරණ පරීක්ෂණයේදී මරණකරුගේ සිරුරේ කැපුම් පාරක් පහර දීම් හේතුවෙන් තැළීම් සළකුණු 35ක් තිබූ බව හෙළිවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි ඔස්ට් නානායක්කාර නමැත්තෙකි. මෙම පුද්ගලයා වසර කිහිපයක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා බවත් පසුගිය 20 වැනිදා රෝහල් ගත කර තිබේ. 25 වැනිදා ඔහු මිය ගිය බවට රෝහල ඥාතීන්ට දැනුම් දුන් බව එම ඥාතිහු කියා තිබේ.
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20 වැනිදා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත. මරණය සැක සහිත යැයිද සිරුරේ තිබුණු සැක සහිත සලකුණු හා ලේ පැල්ලම් හේතුවෙන් මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූවේ යැයිද රෝහලේ සුළු සේවකයන් පිරිසක් කරන ලද පහරදීමකින් තම ඥාතියා මිය ගියේ යැයිද ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් මරණය සිදුව ඇත්තේ පහරදීම් සහ ලේ ගැලීම් හේතුවෙන් බවත් පපුව ඉදිරි පසද විශාල කැපුම් පාරක් හා පහරදීම් හේතුවෙන් තැළීම් සලකුණු 35ක් තිබෙන
බවත් ඥාතියකු කියා තිබේ.







