ලලිත් චාමින්ද –
රුපියල් ට්‍රිලියන 5.8ක් වු මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘති 261ක් 2022 වර්ෂය අවසන්වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතියද ඉන් සංවර්ධන ව්‍යාපෘති සියයට 73ක් සදහා සිදුකළ ආයෝජනයන් පලදායි අයුරින් උපයෝජනය වි නොමැති බව ව්‍යාපෘති කළමණාකරණ හා අධික්ෂණ දේපාර්තමේන්තුව විසින් මෙරට මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙකි ව්‍යාපෘති බෝහොමයක් කාලින අවශ්‍යතාවයන් හඳුනාගෙන ක්‍රියාත්මක කරණ ව්‍යාපෘති වන අතර එහෙත් එකී ව්‍යාපෘති දිගින් දිගටම ප්‍රමාදවිම තුළ එම ව්‍යාපෘතිවල සංවර්ධන ප්රතිලාභ ඉලක්කගත ප්‍රජාවට භුක්තිවිදිමේ අවස්ථාව ඇහිරිගොස් තිබු බවද ඵලදායීතාවය හීන වී ගොස් තිබුණු බව ද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
2022 වර්ෂයේ අවසන් කාර්තුව වනවිට ව්‍යාපෘති 261 අතුරින් ඉතා හොඳින් ක්‍රියාත්මක බවට වාර්තාවි ඇත්තේ ව්‍යාපෘති 22ක් පමණි.
2022 වර්ෂයේ අවසන් කාර්තුව අවසන්වනවිට සංවර්ධන ව්‍යාපෘති 109ක කටයුතු අවසන් කර එවායේ ප්රතිලාභ ජනතාව වෙත ලබාදිය යුතුව තිබුණි. එහෙත් වැඩ අවසන් කොට තිබුණේ ඉන් ව්‍යාපෘති 27ක් පමණක් බවද මෙම වාර්තාවේ සදහන් වේ. ඉන් ව්‍යාපෘති 06ක් තම එකඟවු විෂය පථය අඩුකර වැඩ අවසන් කළ ව්‍යාපෘති විය.
2022 වර්ෂයේ අවසන් කාර්තුව තුළ කිසිදු භෞතික ප්‍රගතියක් අත්කරනොගත් ව්‍යාපෘති සංඛ්‍යාව 67කි. ඉන් ව්‍යාපෘති 21ක්ම ණය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති විය. නිරාකරණය කරගත නොහැකිවු ගැටළු හේතුවෙන් ව්‍යාපෘති 29ක් අත්හිටුවා තිබුණි. එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති 192ක් ඉතා දුර්වල මට්ටමේ පැවති බවද මෙම වාර්තාවේ සදහන් වේ.







