සුමිත් පොතුපිටිය –
කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර කළුතර උතුර වෙරළේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසින් විසින් ගොඩගන්නා ලදී .
අදාල කාන්තාවගේ අනන්‍යතාවය තහවුර කර ගැනිමට කටයුතු කරමින් සිටින බව කළුතර උතුර පොලිසිය පවසයි .
ඊයේ රාත්‍රි කළුතර උතුර නාගස්හන්දිය ගල්වැටිය අසලට වයස අවුරුදු තුනක පමණ බිළිදියකගේ මළසිරුරක් ගොඩගසා තිබූණි.

හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
ලැබී ඇති තොරතුරු අනුව, ඊයේ රාත්‍රි ගොඩගැසූ බිළිදියගේ සහ අද උදැසන ගොඩගැසූ කාන්තාවගේ මළසිරුරු හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන් මව සහ බිළිදියගේ ද යන්න සම්බන්දයෙන් යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද උසස් පොලිස් නිළධාරීයෙක් කිය.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.







