අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වර්ජනය අතර රෝහල් සූතිකාගාරයේ බිළිඳෙක් මියෙන්නට හැර රාජකාරි වෙලාවේ පුද්ගලිකසේවයේ යෙදුන GMOA ත්‍රී කුණාමල රෝහලේ සභාපතිගේ වැඩ තහනම්!

ත්‍රි කුණාමලය දිස්ත්‍රික් රෝහලේ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ඔහුයි...

by editor
මැයි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ  පසුගිය අප්‍රේල්    09 වැනිදා  ත්‍රී කුණාමලය දිස්ත්‍රික් රෝහලේ අලුත උපන් බිළිඳෙක්  රෝහලේ සූතිකාගාරය තුළ  මරණයට පත් වීමට ඉඩ හැර පුද්ගලික   රෝහලක සිසේරියන් සැත්කමක් කරමින් සිටි   , එම රෝහලේ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  සභාපතිවරයා වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ  ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ ගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය අප්‍රේල් 09 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවනු ලැබුවේය.  එදින ත්‍රි කුණාමලය දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසූතිකාගාරය තුළ ආන්දෝලනාත්මක බිළිඳු මරණයක් සිද්ධ වූයේය.  අප්‍රේල් 09 වැනිදා පෙරවරු 8.45 ට පමණ මවක විසින් සිදුකළ මෙම දරු ප්‍රසූතියේ දී බිළිඳා මිය යන්නේ උපත් අවස්ථාවේ දී අසූචි පෙවීමෙනි.

මේ තත්ත්වය නිරීක්ෂණය කළ නේවාසික වෛද්‍යවරිය අවශ්‍ය උපදෙස් සහ මැදිහත්වීම් සදහා රෝහලේ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා අවස්ථා හයක දී සම්බන්ධ කරගැනීම උත්සාහ කර තිබිණි. පසුව ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය අමතා ඇත.  නමුත් ඒ සියලුම අවස්ථා ව්‍යර්ථ වූයේය.

මේ මරණයෙන් මව දැඩි ලෙස කම්පිතව සිටියාය.  මේ පිළිබඳව ත්‍රිකුණාමලය මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳමාලි සමරකෝන්ගෙන් The Morning පුවත්පත  කළ විමසීමකදී ඇය සඳහන් කර තිබුණේ  වෘත්තීය ක්‍රියාමාර්ග නිසා වෛද්‍යවරුන් රෝගියා මඟ හැරියේය යන චෝදනාව පදනම් විරහිත බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ අවස්ථාවේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ රැඳී සිටි බවත්, ඔවුන් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත් ඇය අවධාරණය කර තිබේ. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරුන් ප්‍රතිකාර කළද මෙවැනි අවාසනාවන්ත මරණ සිදුවිය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

සඳමාලි කාට කෙසේ කීවත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන පැමිණිල්ලක් මත මෙම විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ වූයේය.  ඔහුගේ රාජකාරි ඉතිහාසය සම්බන්ධව ද ගැටලු සහගත තැන් තිබීම මෙම විමර්ශනය සිදුකිරීමට තවත් හේතුවක් වූයේය.

විමර්ශනයේ දී අනාවරණය වන කරුණු රැසකි. පළමු කාරණාව අලුත උපන් බිළිඳාට අසූචි පෙවී ඔහු දැඩි ලෙස රෝගී වී සිටින බව නේවාසික වෛද්‍යවරිය විසින් අවස්ථා 06ක දී දැනුම්වත් කළද එම අවස්ථාව කළමනාකරණය සිදු නොකර රාජකාරිය පැහැර හැරීමය.

දෙවැන්න ඒ සිද්ධිය සිදුවන මොහොතේ මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය ආසන්න පුද්ගලික රෝහලක මවක් සඳහා සිසේරියන් සැත්කමක් සිදුකරමින් සිටීමය. රාජකාරිය පැහැර හැරි  මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ වෛද්‍යවරිය  රාජකාරි වේලාව තුළ  පුද්ගලික රෝහලකට සේවය සපයමින් සිටීමය.

තෙවැන්න ඒ අවස්ථාවේ දී තමන් රෝහලේ සේවය කළ බවට වූ ව්‍යාජ සටහන් දින පොතෙහි සටහන් කර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේ චෝදනා  විමර්ශනයේ දී තහවුරු වී ඇති බවය.

මූලික විමර්ශනයකින් අනතුරුව රාජකාරිය පැහැර හැරීමේ බරපතළ සිදුවීම් අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය සිකුරාදා මෙම සේවය අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇත.

මේ ලිපියත් කියවන්න…

වෛද්‍ය වර්ජනය අතර  ත්‍රිකුණාමලය රෝහලේදී  සිදුවූ  බිළිඳු මරණයක් ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට වැසි…  නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරේ!

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ විමර්ශනවලින් හෙළිවන සාධක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.