‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් මේ වනවිට දිනපතා රුපියල් මිලියන 100 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් එම අරමුදලට එවූ සමස්ථ මුදල රුපියල් මිලියන 697කට ආසන්න බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
භාණ්ඩ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව මේ වනවිට ලංකා බැංකුවේ මේ අරමුදල වෙනුවෙන් විවෘත කර ඇති ගිනුමට රුපියල් මිලියන 635ක මුදලක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30, 470කගෙන් ලැබී ඇති බව කී ලේකම්වරයා භාණ්ඩාගාරයේ විදෙස් මුදල් ලෙස තැන්පත් කිරීමට හැකි වන පරිදි විවෘත කර ඇති ගිනුම් සඳහා රුපියල් මිලිය 61ක් ලැබී ඇති බවත් පෙන්වා දෙයි.
මේ වනවිට ගිනුමට බැර වී ඇති වැඩිම මුදල ප්‍රංශයෙන් ද, අනතුරුව කැනඩාවෙන් ඇමරිකාවෙන් සහ කොරියාවෙන් ද ලැබී ඇතැයි පැවසූ ලේකම්වරයා මේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරය අගය කළේය.
මේ දක්වා ලැබෙමින් ඇති භාණ්ඩ කිසිම බදු ප්‍රමාණයකට යටත් නොකර නිදහස් කිරීමේ වැඩපිළිවෙළ අනුව එම භාණ්ඩ නිදහස් කිරීමට රේගුවට සම්බන්ධ නියෝජිත වෙළෙඳ සංගමය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව ද ලේකම්වරයා කීවේය.







