කීර්ති ප්‍රනාන්දු –
අපරාධ රැසක් සිදු කර ඇති බව කියන හාල් සමීර නැමැති නමගිය ජාවාරම්කරුවෙකු ගිනි අවි ඇතුළු ආයුධ සමඟ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයෙ(22) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සහල් සමීර නොහොත් ක්‍රිස්ටෙබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු නැමැති 35 වියැති මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .
ඔහු රටපුරා ඇති මහා පරිමාණයේ සහල් මෝල්වලින් සහල් තොග විශාල ලෙස ලබාගෙන ඒ සඳහා වංචනික ලෙස අගරු චෙක්පත් ලබා දීම කරමින් ජාවාරමක නිරත වූ අයෙකු බවද පොලිසිය පවසයි .
මීට පෙර අවස්ථා කිහිපයකදීම සැකකරු අපරාධ චෝදනා රැසකටම වරදකරු වීමෙන් පසු බන්ධනාගාරගතව සිටි අයෙකු බවත් පොලිසිය කියයි .
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබු චීනයේ නිෂ්පාදිත ගිනි අවියක්, ඉතාලියේ නිෂ්පාදිත රිවෝල්වර දෙකක් , මිලි මිටර්09වර්ගයේ ජීව උණ්ඩ දහයක්,
මිලි මීටර් 0.38 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් , බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ එකොළහක් , කඩුවක් , විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබූ අතර සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන මිනුවන්ගොඩ පොලිසිය මගින් ආරම්භ කර තිබේ.







