ලලිත් චාමින්ද –
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාලනය වන පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස උපාධිධාරින් 68 දෙනෙකු සේවය කරන බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.
දැනට වසර ගණනාවක මෙම උපාධිධාරින් 68 දෙනා පාසල්වල සනිපාරක්ෂක කම්කරු තනතුරට අදාල සේවාවල නිරතව සිටින බවද හෙතෙම පවසයි. මේ පිළිබඳ තමන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ දැනුවත් කිරීමට පියවරගත් බවද අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මෙම උපාධිධාරින්ගේ පත්විමේ ලිපියේ සඳහන් සනිපාරක්ෂක කම්කරු තනතුර වෙනස්කොට ඔවුන් පාසල්වල පුස්තකාල සහායක හා රසායනාගාර සහායක යන තනතුරු සඳහා පත්කිරිමට කටයුතු කරන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
එම උපාධිධාරින් 68 දෙනා සඳහා අද (23) දින ඊට අදලා පත්වීම් ලබාදෙන බවද රංජිත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේය







