සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් පිහිටුවා තිබූ වේදිකා ඉදිරිපිට අද දහවල් (23) විරෝධතාවයක් පැවැත්විණි.
ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවී ඇති මෙහොතක, දරු පැටවුන් බඩගින්නේ සිටින මොහොතක රුපියල් මිලියන 200ක් වැය කර කරන්නට හදන මේ උත්සවය කුමක් දැයි ඇය ප්‍රශ්න කළාය.
“රටේ මිනිස්සුන්ට කන්න නෑ. මිලියන 200ක් වියදම් කරලා නිදහස සමරන්න හදනවා. රට බේරගත්ත කොල්ලො ලව්වා ආචාර කරවගන්න හදනවා.
“ඒ්කට විරෝධතාවයක් විදිහට අපි මේ සෑම කණුවකම කළු පටි බඳිනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇවිත් මේ ස්ථානයේ කළු පටි බඳින්න කියලා.”
දරුවන් හාමත් වුන රටක බිත්තරයක මිල පාලනය කරගන්න බැරි වුන ආණ්ඩුවක් සමරන්නට හදන මේ නිදහස කුමක් දැයි ඇය ප්‍රශ්න කළාය.
කොළඹ ගාලු මුවදොරට ගොස් කළු පටි පැළඳ කළු කොඩි අතැතිව සිය විරෝධය පළ කරන ලෙස ඇය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළාය.
මේ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ හිරුණිකා ඇතුළු කණ්ඩායම පළවා හැරීමට උත්සාහ කරනු ලැබුවේය.







