ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් නොවන බවත් කිසිම නිශ්ඡිත ඉදිරි දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දැන් රුපියල් බිලයන පහක් ලබා දී ජනන යන්ත්‍ර කරකවන්නේ ඒ් මුදල් නෝට්ටු යන්ත්‍රයට දමා දැයි තමා ප්‍රශ්න කරන බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න අද ප්‍රශ්න කළේය.
අද(23) මාධ්‍ය හමුවක් කැඳවා ඔහු පැවසුවේ මේ විභාග සමයේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන්නේ නම් එහි පූර්ණ වගකීම අත්තනෝමතික පාලනය විසින් භාරගත යුතු බවය.
ගල් අඟුරු, ජලය, නැප්තා, ඉන්ධන, ස්වභාවික බලශ්ති ප්‍රභව කළමනාකරණය කරමින් සැලසුම් සහගතය කරන විදුලි ජනනය අඛණ්ඩව පවත්වා ගැනීමට අද රුපියල් ලැබුණු පලියට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“අපි සූදානමින් හිටියා විදුලිය ජනනය කරන්න. හිටි හැටියේය විභාග කටේ තියලා මේ මිල වැඩිකළා. අපි ලාභ ලබන ආයතනයක් නෙමේ. ලංවීමේ මුල්‍ය තත්ත්වය පිරිහුණ කතාව ඇත්ත. බිලියන 5ක් දැන් දුන්නා කියලා බිලියන 5 කොළ ටික දාලා ඔය ජනන යන්ත්‍රය කරකවන්න බෑනේ. වතුර ටික අපි යවලා තියෙනවා. ආයේ අපිට වතුර පුරවා ගන්න විදියක් නෑනේ. දැන් එන්නේ නියං කාලේ. ”
“ගල්අඟුරු ටික ගෙනැල්ලා තිබුණානම්.. අපිට විදුලිය නිපදවන්න තිබුණා. ඒ දවස් ටිකේ ගල් අඟුරු නැති නිසා අපි වතුරෙන් විදුලිය ජනනය කළා. අපේ පද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ මේ සංකීර්ණ ක්‍රමවේදය තුළ. ගල් අඟුරු, නැප්තා, වතුර, ඩීසල් මේ ඔක්කේම ඕනේ. ඒකයි අපි කලින් සැලසුම් කරන්නේ.අද රුපියල් ගත්තට විදුලි කප්පාදුව නවත්වන්න බෑ.”