සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 25 දා නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය අද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පැවසීය.
විධායක රාජ්‍ය නිලධාරින්ගේ වැටුප එදිනට ලබා දීමට උත්සාහ කරන බව කී මුදල් රාජ්‍ය ඇමතිවරයා ඒසේ ගෙවීමට නොහැකි වුවහොත් එක් දිනක් පමණ වැටුප ප්‍රමාද වන බව කිවේය.







