සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිල් ගාමිණි පියතුමා සී.අයි.ඩී එන්න සතියක් කල් ඉල්ලයි!

by editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙරණ –

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබේ.

ඒ අද දින පියතුමා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි වෙනත් පියතුමන්ලා තිදෙනකු මාර්ගයෙනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා සූම් තාක්ෂණික සංවාදයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම සංවාදයට එක්වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු.සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ පසුගිය 25 වැනිදාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම පැමිණිල්ලේ දැක්වුණේ අදාළ සංවාදයේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මූල්‍යමය හා වෙනත් සහන ලබා දී ඇතැයි ප්‍රකාශ කර ඇති බවය.

එසේම සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර ඇතැයි එම පියතුමන් ප්‍රකාශ කර ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වුණි.

එම සියලු චෝදනා මුළුමනින්ම අසත්‍ය චෝදනා බවත් ඒ ඔස්සේ තමන්ට සහ බුද්ධි අංශ වෙත දැඩි අගතියක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිය පැමිණිල්ල තුළින් ඉල්ලා තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් විමර්ශනයක් ආරම්භ කරන බවය.

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර එහි ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

පියතුමන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද  පෙනී සිටි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තිදෙනෙකු අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ඒ පිළිබඳ අදහස් දැක්වු ගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමා,

“අපි පැමිණියේ ගරු සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් ලිපියක් භාරදීමට. එතුමා නීතිඥයින්ගේ සහය සහ උපදෙස් පතා ඉල්ලා සිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සතියක කාලයක් එතුමාට දෙන්න කියලා මේ සඳහා සුදානම් වෙලා එන්නට. ඒකට අවසරය ඔවුන් අපට ලබාදුන්නා.”

ප්‍රශ්නය – ඇයි ඔබතුමන්ලා ළඟ තොරතුරු තිබෙනවා නම් රහස් පොලීසියට ලබාදෙන්නේ නැත්තේ ?

“ඒ අය අවුරුදු දෙකක කාලයක් වැඩකටයුතු කළානේ. එපි එතනින් එහාට කතා කරන්න අවශ්‍යතාවයක් නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩී එන්නේ ඇයි?

Next Post

ඉසෙඩ් ඩී ඇලේ අලි මෙහෙයුම!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.