බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩී එන්නේ ඇයි?

by editor
ඔක්තෝබර් 28, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා යනු රටක බලසම්පන්න ආරක්ෂක අංශ ප්‍රධානියෙකි. වර්ථමානය වන විට එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේය. යුද්ධය දරුණුවටම පැවැති වකවානුවේ එය අවන් කිරීම දක්වා වූ කාල සීමාව තුළ යුද හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබුවේ සලේ ය.

ඔහු ගැන ලියැවී ඇති තොරතුරුවලට අනුව ඔහු හමුදාවේ සිටන උපක්‍රමශීලීව වැඩකළ හැකි  දක්ෂ නිලධාරියෙකි.   ඔහු හමුදාව තුළත් ඉන් පිටතත්  කීර්තියක් ගොඩනගාගෙන සිටින්නෙකි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එතෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඉන් ඉවත්කර සුරේෂ් සලේව ඒ තනතුරට පත් කරන්නේය.   ඊට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළේ අල්ලස් කොමිසමේ වත්මන් සාමාජිකයෙක් මෙන්ම බෞද්ධ සම්මේලනයේ සභාපතිධූරය දරන චන්ද්‍රා නිමල් වාකිෂ්ඨය.

ඊට පෙරද රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන තනතුරේ රැඳී සිටි බොහෝ නිලධාරීන් අදටත් සාමාන්‍ය දිවි පෙවතත් ගතකරමින් සිටින්නේ කිසිදු සතුරු උවදුරකට ලක් නොවීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පොලිසිය යෑම

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තනතුර දැරීමම අවධානමකි. එය අපේ රටට පොදු කාරණාවක් නොව. ලෝකයේ ඕනෑම රටක බුද්ධි ප්‍රධානියාට ඇත්තේ රටක රාජ්‍ය නායකයාට ඇති තර්ජනයට සමාන වූ තර්ජනයක් යැයි විශ්වාස කළ හැකිය. ඒ ඔහු එම තනතුරේ රැඳී සිටින තාක් කල් පමණි. එසේ නොවන්නට චන්ද්‍රා වාකිෂ්ඨට බෞද්ධ වැඩක්කරගෙන පහුගිය කාලයේ බෞද්ධ සම්මේලනයේ උරෙන් උර ගැටී සිටින්නට ඉඩක් නොලැබෙනු ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට දේශපාලනිකව එල්ලවන ප්‍රහාරයද අඩුවක් නැති තරම්ය. විශේෂයෙන් මැතිවරණ කාලසීමාවන්වලදී විපක්ෂයේ දේශපාලනඥයන් දේශපාලන වේදිකාවේ ඔහුව මරාගෙන කන තරම්ය.

එසේම රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට රටේ නැති චෝදනාද එල්ල වේ. එසේ වූ පමණින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඊට එරෙහිව පොලීසි උසාවි ගානේ ගියේ නැත. ඒ එම තනතුරේ රැඳී සිටින විට එවන් අවලාද අසන්නට සිදුවීම සාමාන්‍යෙයන් සිදුවන බැවිණි. එල්ලකරන හැම අවලාදයකටම පොලීසි උසාවි ගියොත් බුද්ධි රාජකාරියක් නම් කරන්නට ඔවුන්ට ඉඩක් නොලැබෙනු ඇත.

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා සම්බන්ධයෙන් මෙවන් ඉතිහාසයක් පැවතියත් වත්මන් රාජ්‍ය බුද්ධිසේවා ප්‍රධානියා නම් ඒ සියල්ල බිද දමා අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගියේය. ඒ ඔහු සම්බන්ධයෙන් කෙරුණු වැරදි යැයි සඳහන් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන ඉල්ලාය.

මේ පැමිණිලි දෙකම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා බැදී තිබීම විශේෂිතය.

පාර්ලිමේන්තුවේ දී ඇසුණු කතා

රාජ්‍ය බුද්ධි සේවය තුළ මෙතෙක් ඉතිහාසයේ ඉස්ලාම් බැතිමතෙකු ලොකු පුටුවට පත්වන්නේ පළමු වතාවටය. ඒ යැයි කියා රාජ්‍ය බුද්ධි සේවය ඉහළ තනතුරු දරමින්    ඉස්ලාම් බැතිමතුන් නැතුවාම නොවේ. ඉස්ලාම් බැතිමතුන් රාජ්‍ය බුද්ධි සේවයේ දෙවැනි හා තුන්වැනි පුටුවල කොතෙකුත් සිට ඇත. චන්ද්‍රා වාකිෂ්ඨ විශ්‍රාම යන විට ඒ පුටුවට පත්වීමට සිටියේ ද ඉස්ලාම් බැතිමතෙකි. එහෙත් දේශපාලන ඇල්ම බැල්ම වැටී තිබුනේ නිලන්තට බැවින් ඒ වාසනාව උදාවූයේ නිලන්තටය. ඒ අවාසනාවත් එක්කමය.

පාස්කු ප්‍රහාරය පවා මෙරට එල්ලවන්නේ කල්තියා ඒ ගැන අනතුරු ඇගයීම් ගොන්නක්ම රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබියදීය. රාජ්‍ය බුද්ධි සේවය ඊට නිසි අවධානය යොමු නොකිරීම හෝ වෙනත් කරුණතක් මත අවසානයේදී පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවිය. එය වෙනම කාරණාවකි.

ගැටලුව වන්නේ එම ප්‍රහාරයට නායකත්ත්වය දුන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ත්‍රස්තවාදීන් සමග හමුදා බුද්ධි අංශවල සම්බන්ධයක් ඇති බවට වූ ප්‍රකාශයන් පාර්ලිමේන්තුවේත් මාධ්‍ය හමුවලදීත් ප්‍රකාශයට පත්වෙමින් තිබීමය.

එහෙත් ඒ පැත්ත ගැන පාස්කු කොමිසමේ විමර්ශනයන්වලදී හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෝ පැහැදිලි කිසිවක් අනාවරණය වූ බවක් නම් පෙනේනට නැත. නමුත් පාර්ලිමේන්තුව තුළ කළ විවාද හා අනතුරුව සිදුවූ දේශපාලනික විසංවාද හේතුවෙන්   මේ වන විට    එවැන්නක් සිදුව ඇති බවට පිළිගැනීමක්   සමාජය තුළ තහවුරු වෙමින් තිබේ.

සලේ වෙනස් කළ ඉතිහාසය

කෙසේ වෙතත් සුරේෂ සලේ මෙරට බුද්ධි ඉතිහාසය වෙනස් කරමින් මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ගොනුකරන්නේ ඉකුත් මාර්තු මාසයේදීය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට එරෙහිවය. ඒ සුරේෂ් සලේ හා පාස්කු ප්‍රහාරකයන් අතර සම්බන්ධයක් තිබුණු බවට හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය හමුවකදී පැවසීමක් සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාව කැඳවා විමර්ශනයක්ද පවත්වනු ලැබීය. ඊට ඉන් එහාට වූ දෙයක් අදටත් දැනගන්නට නැත.

සිරිල් ගාමිණී පියතුමා කැඳවීම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් සහ රොහාන් සිල්වා පියතුමන් ඇතුළු කතෝලික පූජකතුමන්ලා පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර වැඩසටහනක්  ඉකුත්  23 වෙනිදා පවත්වන්නේ මේ අතර අතර තුරදීය.

එහිදී ද රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ගැන යමක් ප්‍රකාශ වී තිබුණේය. දෙවැනි පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 25 වෙනිදා සුරේෂ් සලෙයිගෙන් යොමුවන්නේ ඒ ගැනය. එම පැමිණිලි දෙකම එකම අච්චුවකි. ඔහු එම පැමිණිල්ලෙහි සඳහන් කරන්නේ තමාගැන ව්‍යාජ තොරතුරක් ඉදිරිපත් කිරීමෙන් තමාටත් සිය පවුලේ සාමාජිකයන්ගේත් ජීවිතවලට හානි දායක බවටය.

එසේම  එම  චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, මේජර් ජෙනරාල් සලේ අවධාරණය කරන්නේ තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් එම චෝදනා නගන බවකි. එසේම සලෙ  කියන්නේ එම චෝදනා හිතාමතාම එල්ලකරන ඒවා බවකි.

එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන් හට ද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදු කරන බව ද ඔහු ඒ පැමිණිල්ලෙන්  දක්වන්නේය.

ගොනු කළ පැමිණිල්ලෙහි ඔහු නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ, කිසිදු තත්ත්වයක් යටතේ කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම් වූ හෝ ආකාරයක සන්නිවේදනයක් තමන් විසින් සිදු කර නොමැති බවකි.

එබැවින් සිය පැමිණිල්ලෙන් මේජර් ජෙනරාල් සලේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ  සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

පැමිණිල්ලේ කරුණු මාධ්‍යයට

මෙම පැමිණිල්ල කිරීමෙන් පැයක් හමාරක් යන්නට පෙර පැමිණිල්ලෙහි සඳහන් කරුණු සියල්ලක්ම පාහේ මාධ්‍යවෙතද ගලා අවේය. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් කළ ඒ පැමිණිල්ල ඉතා සුරක්ෂිතව තබා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරන්නේ කිසිදු මාධ්‍යකට ඒ ගැන කිසිදු තොරතුරක් යන්නට ඉඩ නොදීය. එහෙත් එකම කථාවක් රටේ සියලුම මාධ්‍යවල පලවන්නේද එම පැමිණිල්ලට ලොකු ප්‍රසිද්ධියක් ද ලබාදෙමිනි.

කතාව එතැනින් නිමාවට පත්වන්නේ නැත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සලේගේ පැමිණිල්ල ගැන කොළඹ අංක 01 අධිකරණයට කරුණු දැක්විය. ඒ ඊයේ (27) දිනයේ දී ය.    අද සිරිල් ගාමිණි පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමටද පියවර ගත්තේය. ඒ සලේ ගේ පැමිණිල්ල විභාග කිරීමටය.

ලෝක අවධානය සමග ඉදිරියේ දී තවත් පියතුමන්ලා සී.අයි.ඩී.යට

මෙසේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිරිල් ගාමිණි පියතුමාගෙන් පමණක් නොව, ඉදිරියේදී තවත් බොහෝ පියතුමන්ලා කැඳවනු ඇත. ඇතැම් විට මෙම කැඳවීම් ජාත්‍යන්තරයේ දැඩි අවධානයටද ලක්වනු ඇත. ඒ පාස්කු ප්‍රහාරයත් සමග යුක්තිය ඉල්ලා කෙරන කතෝලික ජනතාවගේ හඬ තවමත් නිහඬ වී නැති බැවිණී.

කාදිනල් හිමියන් ඇතුළු කතෝලික ජනතාව ඉල්ලා සිටින්නේ යුක්තියයි.   කාදිනල් තුමා  නිරත්නතරයෙන් පවසන්නේ මහ මොලකරුවෙක් ගැනය. ප්‍රහාරකයන් පසුපස තිබූ විශාල බලවේගය ගැනය. බෝම්බ පුපුරුවාගත් පුද්ගලයින් පසුපස සිටි කණ්ඩායම හෙළිකරන තුරු වින්දිතයන්ට යුක්තිය ඉටු නොවන බව කාදිනල් තුමා කියන්නේය.

ආණ්ඩුව පැත්තෙන් කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නෞෆර් මවුලවි බවය. සහරාන් ඇතුළු සෙසු මොළකරුවන් සිටින්නේ මිය ගොසිනි. ඉතිරිව සිටින මොළකරුවන්ට මේ වන විට නඩු පවරා අවසන් බවද රජය පාර්ශවයෙන් කියන්නේය. එහෙත් කාදිනල් හිමියන් ඇතුලේ කතෝලික ජනතාව එය පිළිගන්නට සූදානම් නැත. ගැටලුව ඇත්තේ මෙතැනය. තමන් දෙයක් දන්නා බව කාදිනල් තුමා නොකියා කියන ආකාරයක් පෙනෙන්නේය.

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කළ කොමිසම ආරම්භයේ සිටම අවසානය දක්වාම කාදිනල් හිමිපානන්ගේ නීතීඥවරයෙක් එහි රැදී සිටියේය. ඔහු ජනාධිපති නීතීඥවරයෙකි.  සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්නද අසන්නට ඔහුට ඉඩක් විය. සලෙ ගෙන් පවා කොමිසම සාක්ෂි විමසද්දී කොමිසන් සභා පරිශ්‍රෙයන් මාධ්‍ය එළියට දමන විට කාදිනල් හිමිපානන්ගේ නීතීඥවරයාට එහි රැඳී සිටිමින් සලේ ගෙන් පවා හරස් ප්‍රශ්න අසන්නට ඉඩක් ලබාදී තිබුනේය.

කොමිසම ගැන කාදිනල් හිමිගේ විශ්වාසය – අවිශ්වාසය

එහෙම පැවතියදී වරෙක කොමිසම ගැන විශ්වාසයක් නැතැයි කාදිනල් හිමියන් හඩනැගුවේය. ඒ නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය ලබාගන්නා අවස්ථාවේදී ඔහුට වෙනස් විදිහකට සලන්නේ යැයි කියමිනි. නැවතත් ටික දිනකට පසු කොමිසම තරම්  කිසිවෙක් විශ්වාස නැතැයි කාදිනල් හිමියෝ කීහ. කොමිසමේ වැඩ කටයුතු හමාර වීමෙන් අනතුරුව කොමිෂන් සභා වාර්තාව එළියට එන විට එය පිළිගන්නට බැරි යැයි කියා දැඩි ලෙස එය විවේචනය කළේද   කාදිනල් හිමියන්මය. දැන් උන්වහන්සේ කියන්නේ කොමිෂන් සභාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ලෙසටය.

මේ ගැටලු සියල්ලම එළියට එන්නේ ඒත් එක්කමය. කොමිෂන් සභාවේ ඇති නිර්දේශ සියල්ලක්ම ක්‍රියාත්මක කිරීම තබා සහරාන් අන්තවාදයට අතපොත් තැබූ සිලෝත් තවුහිත් ජමාත් හි ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාශික්ට එරෙහිව එදා සිට මෙතෙක් කිසිදු පියවරක් ගෙන ඇති බවක් නම් පෙනෙන්නට නැත.

පාස්කු ප්‍රහාරය එල්ලවන තුරුම ඔහු කළේ ආගම් වාදය වපුරන ප්‍රකාශ කිරීමය. අන්තවාදය පෝෂණය කළ තැනැත්තෙක් ලෙස පැහැදිලිවම කොමිසම පවා ඔහුව හඳුනා ගත්තේය. කටුවපිටිය බෝම්බකරු මෙන්ම එම බෝම්බකරුගේ බිරිය වන මේ වන විට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින සාරා ජෙස්මින් පවා අබ්දුල් රාශික් යටතේ සිටියවුන්ය.

පුලස්තිනී රාජේන්ද්‍රන් නම් වූ දෙමළ ජාතික කාන්තාව මුස්ලිම් කරමින් කටුව පිටිය බෝම්බකරුට විවාහ කර දෙන්නේද අබ්දුල් රාශික්ය. ඊට එරෙහිව පුලස්තිනීගේ මව පොලීසි ගිය විට පොලීසියද සිටියේ අබ්දුල් රාශික්ගේ පැත්තේය. ඒ ඔහුට ලොකු බලයක් තිබුණු නිසා දැයි ඇත්තේ පැහැදිලි සැකයකි.

පොලිස් ඇමති ඇති කළ සැකය

එසේම කතෝලක පල්ලියට අද වන විට මෙම ප්‍රහාරය ගැන යම් සැකයක් මතුවන්නට ඇතැම් ඇමතිවරු කරන ප්‍රකාශද ඉවහල් වූ බව සඳහන්ය. ඒ  ආන්දෝලනයට තුඩුදී සිටින තැනැත්තියක් වන සාරා ජෙස්මින් නැමැති බෝම්බකාරිය මියගොස් නැති බවට සියළු සාක්ෂි ගොනුවී තිබෙන විට පොලීසිය භාර ඇමතිවරයා ඇය මිය ගොස් ඇති බවට සනාථ කිරීමට කරන උත්සාහයන්ය.

පාස්කු කොමිසමේ දී මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින්ද මෙතෙක් සාරා මිය ගොස් ඇති බවට පර්යේෂණාත්මක හෝ විද්‍යාත්මක සාක්ෂි ලැබී නැත. ඇය සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්ය. එසේ තිබියදීත් ඇමතිවරයා පුන පුනා  පවසන්නේ ඇය මියගොස් ඇති බවකි.

මියගොස් ඇති බවත් පැහැදිලිවම නොකියැවෙන තැනැත්තියක් මරා දැමීමට ඇමතිවරයා ගන්නා උත්සාහය ද මේ ගැටලුව උඩුදිවීමට මුල්වී ඇති බව පැහැදිලිය.

එසේම කියැවෙන්නේ සාරා ඉන්දියාවට පළාගොස් ඇති බවකි. එහි ඇත්ත නැත්ත පැහැදිලිවම තහවුරුවී නැතත් අඩුම තර්මින් ඒ ගැන සොයා බැලීමට මෙතෙක් ඉන්දියාවේ සහය ලබාගැනීමක්වත් සිදුව ඇති බවක් පෙනේනට නැත.  අඩුම තරමින් අපිට මේ ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු ලබාදුන් ඉන්දියානු බුද්ධි අංශයේ සහය මෙම විමර්ශනයට ලබාගෙන ඇති බවක්වත් ඇසෙන්නේ නැත.

මෙවන් තත්ත්වයක් හමුවේ පාස්කු ප්‍රහාරකයන්ට දැඩි දඬුවම් දෙන බව මෙන්ම මහ මොළකරුවන් අල්ලා නීතිය හමුවට ගෙන එන බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් කළ ද ඒ කිසිවක් නිසි ලෙස ඉටු නොවන තැන කතෝලික පල්ලිය ප්‍රම්‍රඛ කතෝලික ජනතාවට යුක්තිය ඉල්ලා හඬ නගනවා හැරුණු කොට වෙන යමක් කරන්නට තිබේද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේ හිටිය මූල්‍ය අධිකාරිවරයෙකුගේ කෝටි 05ක වංචාව විගණනයෙන් හෙළිවුණු හැටි!

Next Post

සිරිල් ගාමිණි පියතුමා සී.අයි.ඩී එන්න සතියක් කල් ඉල්ලයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.