දැනට ඔස්ට්‍රේලියාවේ සැඟවී සිටින දේවින්ද නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ පුරුකක් ලෙස කටයුතු කරමින් බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙක් මොරටුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමණයක් සමග මෙසේ අත් අඩංගුවට ගනු ලබන්නේ වීරහැන්දිගේ ලසේන් අනුරුද්ධික ප්‍රනාන්දු නැමැති 26 හැවිරිදි තැනැත්තෙකි.
මොරටුව රත්මලාන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් දැනට ඔස්ට්‍රේලියාවෛ් සිටින දේවින්ද නැමැත්තා කලෙක රසල් ස්මිත් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. රසල් ස්මිත් නැමැත්තා මේ වනවිට සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.
අත් අඩංගුවට පත වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු දෙකක් සඳහා වරෙන්තු පිට සිටි පුද්ගලයෙක් බව විමර්ශන අංශ පවසයි.
මොරටුව පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







