ලලිත් චාමින්ද –
ගල් අඟුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා ගල්අඟුරු පරීක්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.
පසුගිය කාලය තුළ ගල් අඟුරුමත පදනම් වු බලශක්ති ජනනයේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි සහ තොරතුරු විගණනයට ලබා දි නොතිබුණි.
ගල් අඟුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා පෙර ගල් අඟුරු සැපයුම සහ 2024 වර්ෂයේ මැයි මස 31 දක්වා කාලය තුළ ගල් අඟුරු සැපයුම හා සසඳනවිට ගල් අඟුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරීමට ගල්අඟුරු පරික්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.
ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු පිරිවිතරයන් ලංසු ලේඛනයේ පැහැදිලිවම දක්වා ඇති බැව් ගල් අඟුරු පුද්ගලික සමාගම විසින් විගණනයට සඳහන්කොට ඇත.
සපයන ලද ගල් අඟුරු නිශ්චිත ප්‍රමිතින්ගෙන් බැහැරවන අවස්ථාවන්හිදි ගුණාත්මකභාවය සහ ප්‍රමාණය මත පදනම්වු මිල ගැලපිම් යෙදෙන ප්‍රධාන පරාමිතින් හතක් ඇති බවද ගල් අඟුරු සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
මෙම පරාමිතින් සහ එවායේ අදාළ ගැලපුම් සුත්‍ර ලංසු ලේඛනයේ විස්තර කර ඇති අතර එබැවින් ගල් අඟුරු වෙනස් කලාපයකින් ලැබුණත් සපයනු ලැබූ ගල් අඟුරුවල ගුණාත්මකභාවය මත පදනම්ව මිල ගැලපුම් යාන්ත්‍රණයක් හරහා ගල් අඟුරුවල ගුණාත්මකභාවයේ ඕනැම වෙනස්විමක් විසඳනු ඇති බවද ගල් අඟුරු පුද්ගලික සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.







