රාජ්‍ය සේවක වැටුප් වැඩිවන බවත්, ඒ සඳහා ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය ලැබී ඇති බවත් නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඒ මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. රවී කරුණානායක මෙසේ සිය ප්‍රශ්නය යොමු කළේය.
” ඔබේ පිළිතුරෙන් ලැබුනේ සමස්ථ රජයේ සේවයේ සහ පෙන්ෂන්වලට දල දේශීය නිශ්පාදනයෙන් සියයට 6ක් වෙන් කරලා තියනවා. ඒ සියයට 6න් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අනුව විදම් කරන්න වෙන්නේ සියයට 20යි. ඒකෙන් තුනෙන් එකකට මේකට යටත් වෙනවා. මේක තුළ අද තියන විරැකියාවයි ඔබතුමා පොරොන්දු වෙලා තියන පඩි වැඩිකිරීමයි කොයි ආකාරයෙන්ද ගෙවන්නේ.
” තව නොබෝ දිනකියන් ලබන මාසයේ දී අය වැය එනවා. අපි එළඹෙන අයවැයේදි දැනටමත් ප්‍රකාශ කරලා තියනවා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් වෙනවා. සැලකිය යුතු වැටුප් වැඩිකිරීමක් ලබා දෙනවා පවතින ජීවන තත්ත්වයත් එක්ක. ඒක අපි ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දි ඔබට බලාගන්න පුලුවන්කම තියේවි. පඩි වැඩිකිරීම පිළිබඳව අයි.එම්.එෆ් එකේ ගැටලුවක් මතු වෙලා නෑ…”
නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ උපයනවිට ගෙවීමේ බද්ද ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහසට රැගෙන ගියා සේ රජයට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල හා ගනු දෙනු කළ හැකි බවත් එම අරමුදල රාජ්‍ය සේවක වැටප් සම්බන්ධ කිසිම විරෝධයක් නැති බවත්ය.
රවී කරුණානායක – ලබන අයවැයේදි රාජ්‍ය සේවක පඩි වැඩිකිරීම කරනවා
මහින්ද ජයසිංහ – අනිවාර්යයෙන්ම ඒ පඩි වැඩි කිරීම පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන ලබන අයවැයේ දි කරනවා
රවී කරුණානායක – 25000ක් ගෙවනවා…”
මහින්ද ජයසිංහ – 25000ක් කියලා නෑ. ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලෙහෙලා බලන්න තියන මල්ල ඔබලා බලන්න හදන්න එපා. ඒ ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සැප්තැම්බර් 04 තැපැල් ඡන්දයට පෙර දවසෙ කැබිනට් එකේ ගත්ත තීරණයක් ඔය 25000ක ඉලක්කම. ඒක කළේ රාජ්‍ය සේවක ඡන්දය ඉලක්ක කරගෙන. එය රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කළ දෙයක් මිස ඇත්ත උවමානවකින් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි. හිටපු ජනාධාපතිගේ යෝජනාව අපි පිළිගන්නේ නෑ..”







