සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා තේ වතු හිමියෙකුගේ අක්කර 02ක තේ වගාවක ගස් උදුරා දමා ගිනි තියලා…

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මිල්ලව ග්‍රාම නිලධාරි වසමේ යද්දෙහි කන්න නැමති ඉඩමේ අක්කර 02ක පමණ වගාකොට තිබු සම්පුර්ණ තේ වගාවම කිසියම් පිරිසක් විසින් ගලවා ගිනි තබා විනාශකොට ඇති බැව් කුඩා තේ වතු හිමියෙක් වූ තුෂාර නන්ද (50) පවසයි.

තමන් මේ පිළිබද නෙළුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇතත් නෙළුව පොලිසියෙන්ද තමන්ට සාධාරණයක් ඉටුවි නොමැති බවද හෙතෙම පවසයි. අගනගරයේ පදිංචි කෝටිපති කාන්තාවක් විසින් තම ගෝලබාලයින් යොදවා තේ වගාව සම්පුර්ණයෙන්ම ගලවා දමා ගිනි තබා විනාශකොට ඇති බවද මෙම කුඩා තේ වතු හිමියා කියයි.

තුෂාර නන්ද

” මේ ඉඩම අපේ තාත්තා තමයි භුක්තිවින්දේ . ඊට පසු මෙම ඉඩම මා භුක්ති විදිනවා. මිට වසර තුනකට පමණ ඉහතදි මේ ඉඩමේ මම තේ වගා කළා. මේ වනවිට තේ ඉඩමේ තේ දළු කැඩිමත් සිදුකරමින් පැවතුනා. ඉඩමේ භුක්තිය සඳහා අක්කර බදු මුදල්ද ගෙවලා තියෙනවා. මේ අතර කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේයේ පදිංචි කාන්තාවක් මා විසින් තේ වගාකොට තිබු ඉඩම තමන් අයිති බව සඳහන් කරමින් ඉඩමෙන් ඉවත්වන ලෙස මට දුරකථනයෙන් තර්ජනය කළා. නෙළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාත් මට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කීවා ඉඩමෙන් ඉවත් වෙන්න කියලා. ”

“මෙම මාසයේ 07 වැනිදින මම ඉඩමේ නොසිටි අවස්ථාවේ ඉඩම තමන් සතු බව කියන කාන්තාව තවත් පිරිසක් සමග පැමිණ තේ ගස් උදුරා දමා වගාව සම්පුර්ණයෙන්ම ගලවා දමලා ගිනි තබා තිබුණා. මේ සදහා නෙළුව පොලිසියේ සහයෝගය මෙම කාන්තාවට ලැබි තියෙනවා. තේ දළු කඩමින් තිබු වගාව තමයි විනාශ කළේ. මේ කරපු අපරාධය දකින විට මගේ පපුව හොස් ගාලා යනවා. තේ වගාවට කරපු විනාශය වෙනුවෙන් මට සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

රුහුණ රට ගොවි සංවිධානයේ කැදවුම්කරු රවින්ද්‍ර ජාගොඩ මේ පිළිබද කිවේ මෙවැනි කථාවකි.

“මේ ගොවි මහතාට දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා. තේ වගාව උදුරා දමා විනාශ කිරිම වැරදියි. නෙළුව පොලිසියේ ස්ථානාධිපතිවරයා පක්ෂග්‍රාහිව කටයුතු කරලා තියෙනවා.වගාවට කරපු හානිය වෙනුවෙන් ගොවි මහතාට සාධාරණ වන්දි මුදලක් ලබාදිය යුතුයි.ඒ වෙනුවෙන් රුහුණ රට ගොවි සංවිධානය පෙනි ඉන්නවා.” මේ පිළිබද නෙළුව පොලිසිය මෙසේ කිවේය.

“මේ ඉඩම වයස අවුරුදු 78ක විතර කාන්තාවකට අයිති ඉඩමක්. මේ කාන්තාව නෙළුව පොලිසියට මිට මාස තුනකට පමණ කලින් පැමිණිල්ලක් දමා තිබුනා. මෙම ඉඩම තමන්ට අයිති ඉඩමක්… ඉඩම සදහා සින්නක්කර ඔප්පුවක් තියෙනවා කියලා. ඒ ඉඩමේ දෙදෙනෙකු තේ වගා කරණවා කියලා. මේ පිළිබද දේපාර්ශවය පොලිසිය කැදවලා පැමිණිල්ල විභාග කළා. ”

“එහිදි ඉඩමේ තේ වගා කළ පුද්ගලයා කිවා තේ වගාව ඉවත් කරගන්නවා කියලා.පස්සේ ඉඩම්හිමි කාන්තාව විදේශතවෙනවා. ඇය යලිත් එනවිට තේ වගාව ඉඩමෙන් ඉවත්කර නොතිබු නිසා තේ වගාව ඉවත් කරලා තියෙනවා. ”

“ඉඩමට ඇතුල්වෙලා තේ වගාව විනාශ කිරිම සම්බන්දයෙන් අදාළ කාන්තාවට එරෙහිව උඩුගම අධිකරණයේ නඩු පවරලා තියෙනවා. ඉඩමේ අයිතිය සම්බන්දයෙන් දිසා අධිකරණයේ නඩුවක් පවරලා නිත්‍යානුකුල අයිතිය තහවුරුකරගන්න කියලා දේපාර්ශවයටම දැනුම් දුන්නා පොලිසිය අපක්ෂපාතිව රාජකාරිය ඉටුකර තියෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනයක් නැති පක්ෂයක කඩප්පුලි දේශපාලනයට අපට වගකියන්න බෑ…. ගැසට් එක වෙනස් කරන්න උසාවි තීන්දුවක් අරන් එන්න වේවි…. මැතිවරණ කොමිසම දන්වයි!

Next Post

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරය අමාත්‍ය නලින්ද ට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.