කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ. ජනාධිපතිවරණයෙන් පසු පිහිටවූ ජාතික ජන බලවේග ආණ්ඩුව පිහටවූ ඉතිහාසගත ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ කැබිනට් තීරණ දැනුම් දුන් කැබිනට් ප්‍රකාශකවරයා වූයේ අමාත්‍ය විජිත හේරත්ය.
එම වගකීම මේ වනවිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පවරා තිබේ.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුන අවස්ථාවේ දී මෙම පත්වීම සිදුකරනු කරනු ලැබීය.







