දිනසේන රතුගමගේ –
මන්නාරමේ මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් වයස අවුරුදු 17 ක තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් ඊයේ (14 ) අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වෙනිදා මෙම තරුණයින් තුන් දෙනා මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කළ අවස්ථාවේදී එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක්ද සිදු කොට තිබේ.
පොලීසිය විසින් එම තරුණයින් තුන් දෙනා අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන්ගේ දුරකතනවල තිබී එම වීඩියෝ හා ඡායාරූප පොලීසියට හමු වී තිබේ.
අත් අඩංගුවට ගත් තරුණයින් තුන් දෙනා මන්නාරමේ පෙරියකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 , 18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් වන අතර ඉන් ප්‍රධාන සැකකරු ගරාජයක සේවය කරණ වයස අවුරුදු 23 ක තරුණයෙකි.
එම තරුණයා කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000 ක මුදලක් ද කොල්ල කා තිබේ.
බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇත.







