ශ්‍රියානි විජේසිංහ –
දිවයිනේ 1 වසර සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට හෙට(25) සිට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර ඇත.
මේ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 16.6 බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියි.
පෝෂණවේදීන්ගේ නිර්දේශයන් සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30 ත් 8.30ත් අතර කාලය තුළ මෙම ආහාර වේල ලබා දීමට ඇමතිවරයා සියලුම පාසල් වෙත උපදෙස් ලබා දුන් බව පැවසේ.
රජයේ පාසල් 9134ක ප්රාථමික් ශ්‍රේණිවල සියලුම සිසුන් හා 100 ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති.
මේ සදහා රජය රුපියල් මිලියන 16,600ක් පළාත් සභා 9 වෙත වෙන්කර ඇති අතර මීට අමතරව ලෝක ආහාර වැඩසටහන,එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබන බවද පැවසේ.
ශිෂ්‍ය එක් ආහාරවේලක් සදහා රජය රුපියල් 85ක මුදල රුපියල් 110ක දක්වා වැඩිකර ඇතැයිද පැවසේ.
නිරෝගි ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරිම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරිම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය කිරීම හා දායක වීම, සහ දේශිය ආහාර සංස්කෘතික ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.
මෙම වැඩසටහන හෙට දිනයේදී (25) ජනිධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අධ්‍යාපන ඇමත් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී ආරම්භ වන අතර ඊට සමගාමීව පළාත් මට්ටමින්ද සමාරම්බක වැඩසටහන් පැවැත්වේ.







