කීර්ති ප්‍රනාන්දු –
අද අළුයම 3.48ට වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරයි.
එම කාර්යාංශයේ පිහිටුවා ඇති භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම භූ කම්පනය නිරීක්ෂණය කරන්නේ වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශයේය.
එය රික්ටර් මාපකයේ 2.3 විශාලත්වයෙන් යුතු සුළු භූ කම්පනයක් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් දක්වා ඇත.
ඊයේ දිනයේ දී රික්ටර් මාපකයේ 3ට වඩා අඩු භූ කම්පන දෙකක් බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා විය.








