ෂේන් සෙනෙවිරත්න –
ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි .
ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව සිදුවෙමින් පවතින බවත් එම බිඳී යාම සිදු වන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බවත් මහාචාර්යවරයා කියයි.
මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා පැවසීය .







