සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන මංගල තරගය මංල්‍යයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළිකාර ජයග්‍රහණයක…

by editor
පෙබරවාරි 11, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

2023 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති මංගල තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණයකය. එම ජයග්‍රහණය ලකුණු 03ක ඉතා තියුණු ජයග්‍රහණයකි.

මෙවර කාන්තා ලෝක කුසලානයේ සත්කාරකයින් දකුණු අප්‍රිකාවය. ආරම්භක තරගයේ දී ප්‍රබල සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කිරීම ලෝක කුසලාන තරගාවලියේ රිද්මය ආකර්ශනීය ලෙස වෙනස් කිරීමක් වූයේය.

තරගය පැවැත්වූයේ කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දීය. මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට තරගය ආරම්භ විය. කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කාන්තාවන්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 129කට සීමා කළහ. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු 129 රැස්කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චමරී අතපත්තු… මංගල තරගය වර්ණවත් කළ මනරම් ඉනිම….

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු රැස් කිරීමේ දී යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුවේය. පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් දැවී තිබුණේ නැත. නමුත් ලබා සිටියේ ලකුණු 28 කි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. ඔවුහු දෙවැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ. එම ලකුණු 86 ලබා ගත්තේ පන්දු 62 කිනි.

විශ්මි පන්දු 34 කින් ලකුණු 35ක් ලබා ගත්තාය. ලෝක කුසලාන මංගල තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මංගල්‍යයක් කරමින් චමරී යළිත් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළාය. ඇය ලකුණු 68ක් ලබා ගත්තාය. ඒ පන්දු 50ක් තුළ දී ය. හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ඉනෝකා රණවීර

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. නායිකා සූනේ ලූස් ලකුණු 28 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූවාය. ලව්රා වොල්වාර්දිත් ලකුණු 18ක් ද, සිනාලො ජෆ්ටා ලකුණු 15ක් ද රැස් කළෝය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුළු 03ක් ලබා ගත්තාය. සුගන්ධිකා කුමාරි හා ඕෂධී රණසිංහ කඩුළු 02 බැගින් දවාලූහ. තරගයේ විරයා වූයේ ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටට වාහන ගෙන්වීම තහනම් කර මහින්ද බැසිල් සහ ගෝඨා කෝටි 114ක වාහන ගෙන්වූ හැටි විගණනය හෙළි කරයි…

Next Post

වැල්ලවායේ තවත් භූ කම්පනයක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.