පසුගිය 09වැනි දා ජනතා විරෝධය මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක අංශවල සැලසුම ව්‍යර්ථ වී ගියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඇතිවිය හැකි තත්ත්වය අඩු තක්සේරුවකින් යුතුව සිදුකළ පුරෝකථනය බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ප්‍රවාහන සේවා අඩපණ කිරීම, ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීම, රටේ පවතින ඉන්ධන හිඟය මෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහාද ලබා දුන් ඉන්ධන කෝටාව දින දෙකකට අත්හිටුවීම වැනි තත්ත්වයන් මත ජනතාව විශාල ප්‍රමාණයක් රැස් නොවනු ඇතැයි ද, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන් යම් ප්‍රමාණයක් එක්වනු ඇතැයි ද එම පුරෝකථනයෙන් දක්වා ඇතැයි වාර්තා වේ.
15000කට නොඅඩු ප්‍රමාණයක් කොළඹ එනු ඇතැයි තක්සේරුව මත ආරක්ෂක අංශවල 15000ක් රාජකාරියට කැඳවා කොළඹ නගරයට ප්‍රවේශවන සියලුම ප්‍රවේශයන් වසා දමා මේ තත්ත්වය කළමනාකරණය කිරීමට සැලසුම් වී ඇත්තේ ඒ අනුවය.
කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ වැඩිම විරෝධතාකරුවන් පිරිසක් කොළඹට රැස්වුන දිනය ලෙස පසුගිය 09 වැනිදා වාර්තාගත වී ඇත.







